සංස්කෘතික කලා වැඩ නංවන්න පාර්ලිමේන්තු කමිටුවක් දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. 28 July 2025
වෘත්තීය සමිති දඩයම් හොයන්න නීතිඥ කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය නියෝජනය කරන වෘත්තිය සමිතිවල නායකයන්ට හා සාමාජිකයන්ට සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත් කිරීමට එම සම්මේලනය තීරණය කර ඇත. 28 July 2025
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියම කළාය. 28 July 2025
දින 30ට වනාතවිල්ලුවෙන් අලි මරණ පහක් වෙඩි තැබිම්, කදන් පත්තුවිම්, හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසයි. 28 July 2025
වැඩබලන ඇමතිවරු පත් කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ හතරක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. 28 July 2025
ගංජා අල්ලන්ක ගිය පොලිසිය හතරක් සිරකරගෙන කයිට්ස් මණ්ඩතීවි ප්‍රදේශයේ නිවසක කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනකු ප්‍රදේශවාසී පිරිසක් සිරකර ගෙන පහර දෙමින් සිටියදි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව එම පිරිස මුදාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 28 July 2025
පොතුහැර දුම්රිය හරස් පාරක අලුත් වැඩියාවට මහ පාර වහයි පොතුහැර -කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයෙහි පිහිටි දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට සිදුවී ඇති බැවින් 31 දා සිට අගෝස්තු 3 වැනිදා තෙක් අදාල ස්ථානයේ මහා මාර්ගය වරින් වර වාහන ගමනාගමයට වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා පවසයි. 28 July 2025
ගිනි අවි සමග කතක් මාට්ටු බණ්ඩාරවෙල නිවසකින් පිස්තෝල දෙකක්, පතුරම් සහ තහනම් පිහි දෙකක් සමග කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 July 2025
ජනපතිට මාලදිවයිනේදී ඉහළ පිළිගැනීමක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. 28 July 2025
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටී ආරක්ෂක නිලධාරියා මරුට කිලිනොච්චිය අරවියල්නගර් හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් අැඳවැටී අාරක්ෂක නිලධාරියකු මියගොස් අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 28 July 2025
ස්මාර්ට් විදියට දඩ ගෙවන පහසුකම බස්නාහිරට බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල ස්ථානීය දඩ ’’Govpay’’ ඇප් එක හරහා ගෙවීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 28 July 2025
පොලිස්පති පුටුවට ලොක්කෝ හයක් සීතල යුද්ධයක පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 28 July 2025
බහින්බස් වීම මරණයකින් කෙළවර වෙයි මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යැමේන් ඇතිවු ගැටුමකින් සිදු කළ පහරදිමකදි එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. 28 July 2025
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 28 July 2025
ජනපති මාල දිවයිනට පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියේය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි. 28 July 2025
බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට බොරැල්ල කනත්ත වටරවුමේදී දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 28 July 2025
ජාජබ ප්‍රා.ස.මන්ත්‍රී නිවසට වෙඩිතැබූ සිද්ධියට මෝටර් රියක් සමඟ අයෙක් මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 28 July 2025
යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 28 July 2025
තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 July 2025
පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි . 27 July 2025
ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 July 2025
ඇඟළුම් අපනයනයේ වැඩි වීමක් පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. 27 July 2025
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය ගිනි ගනී පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ තුල අද සවස ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසය කියයි. 27 July 2025
මැඩිල්ල කලපුව ආසන්නයේ ගින්නක් තංගල්ල මැඩිල්ල කලපුව ආසන්නයේ ඇති කඩොලාන රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 27 July 2025
නැගෙනහිර උ.පෙ විශිෂ්ටයන්ට ලක්ෂ බැගින් දෙයි ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී අද (27) පැවැත්විණි. 27 July 2025
ජනාධිපති හෙලිකොප්ටරයෙන් යන්න ඕනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. 27 July 2025
දක්ෂිණ අධිවේගයේ අනතරින් දෙකක් මරුට හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. 27 July 2025
කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි. 27 July 2025
‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘ රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා දුම්රිය රක්ෂිතයේ නීති විරෝධීව තනා ඇති නිවසක පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමක් අමතා අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් ප්‍රකාශ කරමින් මාසයක් ඇතුළත එම නිවස ඉවත් කර ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට එම වග උත්තරකාර හිමි නමට නියෝග කළේය. 27 July 2025
කුඩ්ඩකු එක්ක හාදකම් පෑ පොලිසියේ තුනක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල් තිදෙනෙක් මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026