මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්රදාය කඩනවා පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
වසර අවසානේ සංචිත ඩොලර් බිලියන 7.3ක් කරනවා මේ වසර අවසන් වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නෑ රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2025
ලුණු එන්න ප්‍රමාදයි ලංකා ලුණු සමාගම ආනයනය කළ ලුණු තොගය දිවයිනට ළගාවීම දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව එම සමාගම පවසයි. 22 May 2025
රාජ්‍ය බැංකු දෙකක් ලාභ පෙන්වයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(22)සිදු විය. 22 May 2025
කල්කුඩා සිසුහු ගුරුන් ඉල්ලා පාරට බසිති මඩකලපුව ඇති එකම සිංහල විද්‍යාලය වන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුහු පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, විද්‍යාලයට ස්ථිර ගුරුවරු ඉල්ලා නිහඬ විරෝධතාවයක් අද දහවල් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ. 22 May 2025
නීතිඥ ලක්මාලි ආර්ථික ආංශික කමිටුවේ සභාපති පුටුවට මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්වූවාය. 22 May 2025
කුණ්ඩසාලේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපොළක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි. 22 May 2025
විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත 22 May 2025
සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම් සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි 16 කට අධික ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහට හා ඔහුගේ බිරිඳට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම වසර දහයකට අත්හිටුවන බව නියෝග කළේය. 22 May 2025
ලුණු ප්රශ්නය අදින් ඉවරයි ලුණු ප්රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 May 2025
මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(21) දින පැවැති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75 දක්වා අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 22 May 2025
සරසවිවලට අලුත් නේවාසිකාගාර විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 22 May 2025
වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 22 May 2025
පුංචි ආණ්ඩු සභිකයන් පත් කිරීමේදී එජාපයෙන් දැඩි තීරණයක් පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 22 May 2025
වවිනියාවේ නිවසකින් ගිනි අවි පතුරොම්-STF නිල ඇදුම් මතුවෙයි වවුනියාව, බෝගස්වැව සැළලිහිණිගම ගම්මානයේ නිවසක සඟවා තිබූ ගිනිඅවි රැසක් සඳහා යොදාගන්නා පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු නිල ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයකු ඊයේ (21) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 22 May 2025
පුරවසම් කුලම OIC අල්ලස් දැලේ පැටලෙයි ඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (21) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 May 2025
‘කුෂ්‘ ගුවන් තොටෙන් පන්නන්න හැදූ හතරක් මාට්ටු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ’’ රක්ත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 May 2025
මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත. 22 May 2025
සජබ අපේක්ෂකට වෙඩිතැබූ සිද්ධියට තිදෙනෙකු අල්ලයි කලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කළ බන්දුල ප්‍රසන්ත යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි. 22 May 2025
අදත් තැනින් තැනට වැසි නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2025
කොළොන්නාවේ ගංවතුර නවත්තන්න ව්‍යාපෘති විසි හයක් කොලොන්නාව ප්‍රදේශයේ වැසි ජල සහ ගංවතුර ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති 26 ක් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නිරීක්ෂණය කළේය. 21 May 2025
විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අනිද්දා ඇරඹේ ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම අනිද්දා (23) සිට ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසීය. 21 May 2025
ගම්පහට පැය 10 ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අනිද්දා (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 May 2025
රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය. 21 May 2025
බදුල්ල අයියා - මලෝ ගැටුමේ අයියා රිමාන්ඩ් බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද 21 දා සවස නියෝග කළේය. 21 May 2025
පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. 21 May 2025
‘නෙක්ස්ට්’ වහන්න කලින් කම්කරු දෙපාර්තමේන්තුවට කියලා නෑ කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 May 2025
බත් පතට මුහුදු වතුර ඉස ගෙන කන්න වෙලා ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇතිවෙලා.ලුණුත් නෑ, බතුත් නෑ, අන්තිමට මේ රටේ පසුත් නැති වේවි යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025