රට ඉන්න බිරියට පේන්න පුතාට පහරදීලා
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී සිටින තම බිරිඳට වීඩියෝ ඇමතුමක් ගෙන තම, 11 හැවිරිදි පිරිමි දරුවා බිම දණ ගස්සවා , පරුෂ වචන කියමින් ’මව එපායැයි පවසන ලෙසට බල කරමින්’ එම දරුවාගේ අත්පාවලට, පිට ප්‍රදේශයට ගැටිති සහිත ලීයකින් පහර දී තුවාල සිදු කළ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.