සෙවනගල සීනි සමාගම ගොවීන්ට කෝටි 20 ක් ණයයි සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය අද (30) පැවසුවාය. 30 July 2025
හමුදාපතිට වසරක සේවා දිගුවක් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. 30 July 2025
ලාංකිකන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක සංචාරක වීසා සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා (on-arrival) සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. 30 July 2025
බී.වයි.ඩී. වාහන ගැන බලධාරින් සමග සාකච්ඡා ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 30 July 2025
දූපත් රැසකට සුනාමි බලපෑම් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. 30 July 2025
නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ් පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පොල්ගහවෙල අධිකරණය අද නියෝග කළේය. 30 July 2025
ලෝක ආදිවාසී සැමරුම දඹාන වැදි ගම්මානයේ 2025 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදි වාසී ගම්මානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 30 July 2025
ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 July 2025
පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි. 30 July 2025
වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක් වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි 30 July 2025
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 July 2025
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. 30 July 2025
ඝාතනවලට සම්බන්ධ දෙන්නෙක් අල්ලයි 2007-2008 වර්ෂ වල නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2025
ධීවරයන්ට හදිසි අනතුරු රක්ෂණයක් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 30 July 2025
භූමිකම්පාවෙන් පසු සුනාමි එයි රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේවනවිට රටටවල් කීපයකට සුනාමි රළ කඩා වැදී ඇත. තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. 30 July 2025
යුනෙස්කෝ ලංකා ජාතික කොමිසමේ නිලධාරී මණ්ඩලය පත් වෙයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි. 30 July 2025
’’කිව්ව එක දෙයක් කරන්නේ තව දෙයක්’’ ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය. 30 July 2025
කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2 ක දල වටිනාකමක් තිබෙන දෙමහල් සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා දේශපාලනඥයන්, වෘත්තීයවේදින් කලාකරුවන් ඇතුළු දෙදහසකට වැඩි පිරිසකගේ දුරකතනවලට හැකරුන් (Hackers) මෑත භාගයේදී වරින් වර හොර රහසේ ඇතුළුවී මුදල් වංචා කර ඇතැයි පොලිස් සහ දුරකතන සේවා ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. 30 July 2025
රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය. 30 July 2025
පොල් ඉඩමකින් පිස්තෝල උණ්ඩ-පොලිස් නිලඇඳුම් කොටස් හමුවෙයි කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. 30 July 2025
අද කාලගුණය උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
රුසියාව අසල භූමිකම්පාවක් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි. 30 July 2025
හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි. 30 July 2025
ඔක්කම්පිටිය ඕඅයිසී අල්ලස් දැලේ ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2025
මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 29 July 2025
මහානාම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (29) පැවැත්වීණි. 29 July 2025
වෙඩි තැබීම් දෙකක පැදිකරු රත්නපුරේදී අල්ලයි පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 29 July 2025
නාමල් පෙර ඇප මත මුදා හරියි හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය. 29 July 2025
බීඩි ෆැක්ටරි 300ක් හොරට වැඩ බීඩි බලපත්‍ර තුන්සීයක් තවමත් අලුත් කර නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 29 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026