(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ ආවාට ගියාට නොව සමාජයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය:-(ජා.ජ.බ)
පාර්ලිමේන්තුවේදී කීවාය.
"ජාතික ජන බලවේගය අධ්‍යාපනය පිළිබඳ සංවාදය ගත්තේ වසර ගණනාවකට පෙර සිටයි.අප මේ පිළිබඳව ග්‍රාමීය මට්ටමින් ජනතාව සමඟ සංවාද කළා.එමෙන්ම වෘත්තීය සමිති මට්ටමින් සංවාද කළා.අධ්‍යාපනයේදීන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නිපුණතා තිබෙන පුද්ගලයන් සමඟ සංවාද කළා.ගුරුවරුන් -මව්පියන් සමඟ සාකච්ඡා කළා.වසර ගණනාවක් මෙලෙස ගෙනගිය සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් කළා.සියලු බාධා මැද මේ ප්‍රතිසංස්කරණ මේ වසරේදී අරඹන්නට අපට හැකියාව ලැබුණා.හැබැයි මේ ක්‍රියාවලිය ඇරඹූයේ මීට වසර ගණනාවකට පෙරයි.මේ ක්‍රියාවලිය යද්දී යෝජනා අදහස් අඩුපාඩු යාවත්කාලීන විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවක සිට සංවාද පැවැත්වූවා? ඔය කියන්නේ ජවිපෙ හෙන්චයියෝ, කාඩර්වරු එක්ක ඔය පොකට් මීටින් වල කරපු කතා වෙන්න ඇති. වෘත්තීය සමිති කී එක්ක කතා කලේ ස්ට්‍රයික් කරන හැටි නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔවුන් දන්නේ මොන ඉටි ගෙඩියද? ඔවුන් පරිණත අධ්‍යාපන වේදීන්ද? එහෙම බලයට පොරකන දේශපාලන පක්ෂයක් විදිහට නොවෙයි, රජයක් විදිහට නිසි පරිචයක් තියන අධ්‍යාපනවේදීන් සමගයි සාකච්ඡා කරන්න ඕනෑ වෙන්නේ. එය නිසි ප්‍රමිතියකින්, ක්‍රම වේදයකින් කරන්න ඕනෑ. මේ අම්මණ්ඩි නිකන් නන්දොඩවනවා...