
(සුමිත් පොතුපිටිය)
හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ගේ මරණය ගැන ශ්‍රී ලංකා වේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙතින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් අද දින ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට භූමදානය කිරීමට තීරණය කළ බව නන්දන ගුණතිලක මහතාගේ සොහොයුරිය වන මංගලා කරුණාතිලක මහත්මිය අද පැවැසුවාය.
අය මෙසේ ද කීවාය. මාගේ අයියා ඇතුළු තවත් සිව්දෙනකුගේ ජීවිත වලට තර්ජනයක් ඇති බැවින් ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී පැමිණිල්ලක් කර ඇති බවට එම ආයතනයේ විධායක අධ්යක්ෂිකාගේ ප්රකාශකයක් ඇතු ළත් විඩියෝවක් සමාජගත වෙලා.
එම විඩියෝව අනුව අයියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරිම සදහා දේහය භූමදානය කිරීමට තීරණය කළා.
ඒ අනුව හෙට (21) දින පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනාගාරය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර මහ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී භූමදානය කිරීමට තීරණය කළා යැයි ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නංගි මේ අයියගේ මිනිය විකුනල දේශපාලනේට ආවෙ නැත්නම් මේක ලංකාව නෙමේ
කජු ලෙල්ලමක් ගිය උඩ. මෙයට හරි මරණ පරීක්ෂණයක් කරලා ඒක ප්‍රසිද්ධ කරන්න, නැත්නම් වැසිකිලි කටවල් ගොඩක් ඇරෙයි.
ඒක හොඳයි, නැත්නම් ඔය දොසත් රජයට, දැන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න මරණය සැකයි කියල. සාක්ෂි හැටියට අදම නම ඇහුව ඔය කියන සංවිධානයයත් , ගම්මන්පිල , ප්‍රේමසිරි මානගේ කියන අයගේ නම් දෙන්න. මිනිය ගොඩ අරගෙන නැවත පරීක්ෂණ කරවි.
මමත් ඇහුව ඔය නම් හතර , උන් හිතනව ඇති උන් මේ රජයට උන් මහා තර්ජනයක් කියල, අපිට නම් උන් නිතන්ම ජෝකර්ල විතරයි. මළ අය ගැන මොකුත් නොකියමි.
මරණ පරීක්ෂණයේදී තහවුරු උනා නේද මෙම මරණය සැක සහිත නොවන සහ නිධන්ගත රෝග කිහිපයක් නිසා සිදු වූ මරණයක් බවට. ඉතින් ආයෙත් තව මොනවාද කියන්නේ.