කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 21 May 2025
මේ වසරේ අපේ අය 1619ක් කොරියා රැකියාවට යති මේ වර්ෂයේ ගතවූ මාස පහකට ආසන්න කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනකු පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 21 May 2025
යුක්තිය වෙනුවෙන් කතා කළ උතුරේ දකුණේ ඔක්කොම විරුවන් සත්‍ය,යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළ දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
බාල පොහොර සොයා මහනුවර මෙහෙයුම් ව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳසල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කියයි. 21 May 2025
කම්හල් වැසෙන අවදානමක් කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වැසීමෙන් පාරට වැටුණු සේවක සේවිකාවන් දෙදාහ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය. 21 May 2025
’’එල්ලෙන්න අලුත් වැලක් හොයාගන්න’’ වික්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි.දැන් අලුත් වැලක් හොයාගන්නැයි වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි. 21 May 2025
වතු සේවකයෝත් විරෝධයක ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවෝ පිරිසක් නුවරඑලිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ. 21 May 2025
40000ක ගුරු හිඟයක් දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන් 40000ක හිගයක් පවතින බව අගමැතිනී සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය. 21 May 2025
අලුත් අය එන එක කෙසේ වෙතත් ඉන්න අය රැක ගන්න අලුතින් ආයෝජකයෝ පැමිණීම කෙසේ වෙතත් තියෙන ඇඟලුම් කම්හල් වත් රැක ගන්න බලන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
ලංකාවෙ බහුතර සභා පිහිටුවන්නේ අපි ලංකාව පුරා තියෙන සභා වලින් බහුතරයක බලය පිහිටුවන්නේ මාලිමාව බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
පේරාදෙණි රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරණීයකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වුහ. 21 May 2025
මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 May 2025
ලංකාවට පිටුපා ගිය ආයෝජකයන් ආපහු එන්න පටන් අරන් ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2025
ගල්කිස්ස ඝාතනයට ගිනි අවිය ලබාදුන් යුවළ අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස ගාලු පාර වෙරළ පාරඅසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් අඹු සැමි යුවළ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 21 May 2025
අර්ථසාධක අරමුදල් කාර්යාල නැවත වැඩ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත අවසන් වූ බවත් දිවයින පුරා සියලුම කම්කරු කාර්යාලවල සියලුම සේවා අද (21) සිට මධ්‍යහන 12.00 සිට ආරම්භ කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 21 May 2025
දුම්කොළ - මධ්‍යසාර අධිකාරියේ සභාපති පත් කරයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබේ. 21 May 2025
ගණේමුල්ල සංජීව ඝාතකයා රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන වෙඩික්කරු සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි රැකවල් මධ්‍යයේ ඉදිරිපත් කළේය. 21 May 2025
සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි ලංකාව මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 May 2025
කාන්තාවක් දුම්වැටි සමඟ ගුවන්තොටේදී හසු වෙයි රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද(21) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 21 May 2025
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය දැමු අයියා මලෝ මාට්ටු බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. 21 May 2025
නගර සභා සේවකයා ඝාතනයට තවත් අයෙක් සැකපිට ගල්කිස්ස නගර සභාවේ සේවයේ නියුතුව සිටි 19 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 21 May 2025
නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ ’’පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය’’ සඳහා ජුනි මස 27 දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද(21)නියම කළේය . 21 May 2025
ගුවන්තොටුපළ ගොඩනැගිල්ලෙන් කෝටි 125ක් වතුරේ සියයට තිහක පමණ භෞතික ප්‍රගතියක් අපේක්ෂා කෙරැණු එහෙත් සියයට 5.44 ක අඩු ප්‍රගතියක් වාර්තා කළ කටුනායක ගුවන් තොටුපළ මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්රිත ඉදිකිරීමට අදාල කොන්ත්‍රාත්තුව සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තායිසේ සමාගමට රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවීම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 21 May 2025
’’ මම බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නැවක් වගේ’’ ’’මම ගොඩක් වෙලාවට පළමු වන ලෝක යුද්ධ සමයේ බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නෞකාවක් වගේ.ඒ නිසා මට ඕනෑම අයකු ඕනෑම වෙලාවක ඉලක්ක කරන්න පුළුවන්.මොකද මම කිසිම සංවිධානයක් නියෝජනය කරන්නේ නැහැ’’ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 May 2025
කතානායකගෙන් මන්ත්‍රීන්ට පාඩමක් ස්ථාවර නියෝග අනුව මන්ත්‍රීවරයෙකු ක්‍රියා කරන ආකාරය ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දැනුවත් කළේය. 21 May 2025
අධිවේගී මාර්ගවල ගෙවීම් අද සිට බැංකු කාඩ් මගින් අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල බැංකු කාඩ් මගින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 21 May 2025
රිය අනතුරින් අයෙක් මරුට : තිදෙනෙකු රෝහලේ පොළොන්නරුව බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක ඊයේ(20) රාත්‍රී ත්රිීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා බකමූණ හා දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි. 21 May 2025
නිධන් ගන්න ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට ගලේවෙල, අමුණයාය ප්‍රදේශයේ පුරාවස්තු ගොඩ ගැනීම සඳහා දඹුල්ල පොලිසිය තුළදී කැනීම් කිරීම් සැලසුම් කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 21 May 2025
නිරිත දිග මෝසම සක්‍රිය වේ නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025