(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කෙසෙල්වත්ත සංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව කෙසෙල්වත්ත  පොලිසිය සඳහන් කරයි.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම පතරොම්29 ක් එහි තිබී සොයාගෙන ඇත.

මෙම ගිනි අවිය කලකට පෙර මෙම ජල ටැංකිය තුළට දමා ඇති බවට නිරීක්ෂණය වන බවත් ගිණි  අවියේ ඇතැම් කොටස් මළ  බැඳී දිරාපත් වී ඇති බවත් පොලිසිය කියයි.

එම ගිනි අවිය දැඩි ලෙස මළ බැඳීම හේතුවෙන් පතුරුම් ගැබ අවියෙන් ඉවත්කර බැලීමට නොහැකි තත්ත්වයක ඇති බව පොලිසිය සඳහන්කරයි.