(ගයාන් සූරියආරච්චි)

රෝගී තත්ත්වයක් සදහා ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සදහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකගේ රහස් ප්‍ර දේශය ස්කෑන් කළ බව කියමින් එම ස්වීඩන් ජාතික කාන්තාව පැමිණිලි කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

ස්වීඩන් ජාතික 32 හැවිරිදි කාන්තාවක තමාගේ ඉලඇට ප්‍ර දේශයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා ගාල්ල ප්‍ර දේශයේ පෞද්ගලික රෝහලටකට ගිය අවස්ථාවේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට පරීක්ෂණ කීපයක් නියම කර තිබූ බව පොලිසිය කියයි.

එහිදී එක්ස් කිරණ පරීක්ෂණයක්, රුධිර පරීක්ෂණයක් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීම සදහා නිර්දේශ කර තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථවේදී ඇයගේ කැමැත්තක් නොමැතිව ඇයගේ රහස් ප්‍ර දේශය ද ස්කෑන් කළ බවත් එහි වාර්තාවක් තමාට ලබානොදුන් බව කියමින් ඇය ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පැවැසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.