පකිස්ථානයේ දකුණු වරාය නගරයක් වන කරච්චි හි බහුමහල් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් ගිනි නිවන භටයකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු මිය ගිය බව විදෙස් මධ්‍ය වාර්තා කළේය. 

බොහෝ ⁣දෙනකු තවමත් අතුරුදහන් බවත් ඔවුන් සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා (17) රාත්‍රියේ ආරම්භ වූ ගුල් ප්ලාසා හි ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ට පැය 24 කට වැඩි කාලයක් ගත වු බවත් මෙම ගොඩනැගිල්ලේ වෙළඳසැල් 1,200 ක් තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටී ඇති අතර, සුන්බුන් සහ වාතාශ්‍රය නොමැතිකම ගලවා ගැනීමේ කටයුතුවලට බාධාවක් බව නිලධාරීන් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

18 වැනි දා පස්වරුව වන විට ගොඩනැගිල්ලේ බොහෝ කොටස් ගිනිගෙන සුන්බුන් බවට පත්වී ඇති බවත් මුළු ගොඩනැගිල්ලම කඩා වැටීමට හැකි බව ගලවා ගැනීමේ කණ්ඩායම් විදෙස් මාධ්‍ය වෙත පැවසූ බව වාර්තා වේ.

හසිනි නවෝද්‍යා