ගුරු බඳවා ගැනීම් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක් ශික්ෂණලාභී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 20 May 2025
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයට නව ප්‍රධානියෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. 20 May 2025
නවසීලන්ත නියෝජ්‍ය අගමැති මෙරට සංචාරයක නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 20 May 2025
රන් ආලේපිත අවියක් කතකගේ කාරයේ ඩිකියෙන් මතුවේ වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 20 May 2025
රෝමයේ විනීත හිමි ලියෝ පාප්තුමා මුණ ගැසෙති ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ 14 වෙනි ලියෝ පාප්තුමා සිය පෙට්රීන් අමාත්යයාංශයේදී 19 දා මුණ ගැසුනහ. 20 May 2025
ජනතාවට කොලේ වහලා විදුලි බිල වැඩි කරන්න සහය දෙන්නේ නෑ ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
EPF සේවා සීමාකරයි කම්කරු දෙපාර්තමේන්තුව සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කකටයුතු හෙට (21) සිට මේ මස 23 වැනිදා දක්වා සේවා සීමා කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 May 2025
හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියට නඩු නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය. 20 May 2025
’’අපට රණ විරුවා හැමදාම වීරයෙක්’’ ’’ආණ්ඩුවට රණ විරුවා සාමාන්‍ය සෙබළෙක් ලෙස දැනුනත් අපට රණවිරුවා හැමදාම වීරයෙක්’’ යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’ මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
ප්රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය ප්රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 20 May 2025
පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
ආබාධිත සෙබළුන්ට ජනාධිපති කාර්යාලයෙන් වාහන රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 5ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු විණි. 20 May 2025
දිස්ත්‍රික්ක 6කට නාය අවධානම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 20 May 2025
ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත් මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ’’ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා. 20 May 2025
කටුනායක ඇඟළුම් කම්හලක් හදිසියේ වසා දමලා කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ . 20 May 2025
පොලිස් යුවළකගෙන් හිටපු පෙර පාසල් ගුරු උපදේශකවරියට තර්ජන පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස එම පොලිස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා සමඟ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 20 May 2025
කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද(20) පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ-මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය දහවල් 12 ට පමණ යථාතත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 20 May 2025
අපරාධ නඩු පනතට ඉදිරිපත්වූ පෙත්සම විසි කරයි අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2025
විගණකාධිපති තේරීම අද නව විගණකාධිපති කවුදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වී තීරණය කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය. 20 May 2025
මුජිබුර්- දායාසිරි කෝප් සභාවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා තවත් සාමාජික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය. 20 May 2025
නීතිඥ සංගමය අල්ලස් කොමිසමට එරෙහිව අධිකරණයට යයි නීතිඥවරයකු කරන ලද රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයත් ලබාදීම සඳහා නීතිඥවරයකු අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව ලබන 03 දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද නියෝග කළාය. 20 May 2025
අපරාධ නඩු විධාන කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබේට අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(20) දැනුම් දුන්නේය. 20 May 2025
හිටපු ජනාධිපති මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. 20 May 2025
රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි. 20 May 2025
රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවට බ්‍රසීලය එක්ක ගිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත වෙනස් කරන්න යයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට (මරණ පරීක්ෂණ) කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතියට අනුමැතිය ’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
රූපවාහිනිය චීනය සමඟ ගිවිසුමක් මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025