
(බී.ජී. චතුරංග සුජිත් හේවාජුලිගේ සහ තඹුත්තේගම ධර්මකීර්ති)"
තඹුත්තේගම නගරයේ අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් සඳහා සැරසිලි සිදු කරමින් සිටි පිරිසකට ඊයේ (16) රාත්රියේ තඹුත්තේගම පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු පිරිසක් පැමිණ එම සැරසිලි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්හ.
මෙම ජන හමුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කලාවැව ආසනයේ නියෝජිතයන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා, එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සංවිධානය කර තිබූ බව පොදු ජන පෙරමුණ සඳහන් කළේය.
තඹුත්තේගම නගරයේ පෙර සිටම විවිධ දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කොඩි සහ සැරසිලි සිදු කළ බවත් , වර්තමානයේ නීති දෙකක් ක්රියාත්මක වන්නේද? , ආණ්ඩුවේ බලපෑමක් යටතේද මෙම ක්රියාව සිදු කරන්නේද යන්න සැරසිලි කරමින් සිටි ජනතාව මෙහිදී ප්රශ්න කළහ.
ඊට ප්රතිචාර දක්වමින් උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ නගරය තුළ කොඩි සහ සැරසිලි නොදමන ලෙස දැනුම්දී, ඇති බවත් එම සැරසිලි ඉවත් කරනවාද නැතිනම් තමන් විසින් ඉවත් කර දමන්න ද යනුවෙන්ය
එහිදී සැරසිලි කරමින් සිටි පිරිස එම සැරසිලි ඉවත් කරන ලෙස දැනුම් දීමට හේතුව කුමක්ද යන්න විමසූ අවස්ථාවේදී, උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ නගරය තුළ කොඩි දැමීම සදහා නීතිමය අවසර ලබා ලබා ගෙන තිබෙනවා ද යනුවෙන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd