යුද විරු සැමරුම වෙනුවෙන් නාමල්ලා ආශිර්වාද පූජාවක
තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි.