
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය.
මා ආදරෙයි මුළු ලොවටත් වඩා,කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ, හද වේදනා මෙසේ,රඟදෙන පරණ තාල,ඔය රූ සෝබා,රෝස මල් කුමාරි,කඳුලේ තනිවී,කඳුලැලි දෑසේ නෑ රඳවා,හද ගී පොතේ පිටුවක් ඉරා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් රසික ජන හද දිනාගත් රාජු බණ්ඩාර මහතා වාදන ශිල්පියකු ලෙසද අපූර්ව දස්කම් පෙන්වීය.
අවස්ථා කිහිපයකදී ටෙලිනාට්‍ය රංගන වේදියකු ලෙසද ප්‍රතිභාවක් දැක්වූ රාජු බණ්ඩාර මහතා රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල විනිශ්චයකාරවරයෙකු ලෙස ජනාදරය දිනාගෙන සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd