
(ටී.කේ.ජී.කපිල )
ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් අතර 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය , ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා වන අතර කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි . මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කි රීම , කප්පම් ගැනීම , මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් වේ .
මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා ද මෙසේ අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී**ව පැත්තේ හෝටල් වලින් කප්පම් ගැනීම් අලුත් ආණ්ඩුවත් එක්ක නැතිම වෙලා වගේ. කාකි ඇඳුම් ඇඳගත්තු ලොක්කොත් හෝටල් කාමර ඉල්ලලා බාල වයස් දරුවන්, බවලතුන් කාමර වලට ආපු කාලයක් තිබ්බා. එහෙම නේද?