(විමුක්ති එස් රුද්‍රිගු)

විරෝධතා මැඩලීම සඳහා ඉරාන රජයට උදවු කිරීම සඳහා ඉරාක සන්නද්ධ කණ්ඩායම් ෂියා වන්දනාකරුවන් ලෙස ඉරානයට පැමිණ ඇතැයි ඇමෙරිකානු මීඩියාලයින් පුවත් සේවය වාර්තා කළේය.

ආසන 60ක බස්රථ පනහකින් පමණ ඉරාක තරුණයන් ඉරානයට ඇතුළු වී ඇති බවත් එලෙස පැමිණි සන්නද්ධ කණ්ඩායම් අතර ඉරාක හිස්බුල්ලා කණ්ඩායමද සිටින බවත් එම පුවත්සේවය සඳහන් කළේය.

ඉරාක හිස්බුල්ලා කණ්ඩායමට තරුණයන් බඳවා ගෙන මසකට ඇමෙරිකානු ඩොලර් 600 ක මුදලකට බවද මීඩියාලයින් පුවත් සේවය පැවැසුවේය.