
(සුජිත් හේවාජුලිගේ)
ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
එම ගල් අඟුරු සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම පවත්වන පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
නැව් දෙකක බාල ගල් අගුරු ගෙන්වීමෙන් රජයට අමතර කෝටි හත්සීයක මුදලක් වැය කිරීමට සිදුවන බව පෙනී ගොස් ඇතැයි කී හෙතෙම පොරොන්දු වූ ගල් අඟුරු ගෙනාවේ නම් මේ නාස්තිය සිදු නොවන බවද සඳහන් කළේය.
එම ගල් අඟුරු ගෙන්වීමට අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යවරයා ලොකු උත්සාහයක් ගත් බව පෙනෙන්නේ යැයි සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා ගල් අඟුරු ටෙන්ඩරය යට බරපතළ දෙයක් සිදුවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාත මාරුතේ, කුණාටු සාගරේ, දිවිය තියෙන තුරු මගේ, කයිය සුවය වේ ...
ගල් අඟුරු වලට සම්බන්ධ ටෙන්ඩරය ප්රතිනිර්මණේදී යම් දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සත්‍ය රටට හෙළි කළ යුතුය.
උනුත් හොරු මුනුත් හොරු ගගා හිටි රතු තොප්පි මල්ලිලාගේ වැඩ කිඩ ඔය එළිවෙන්නේ?
ගුණරත්න යන්න පොලීසියට. දැන් රාජපක්ෂලවත්, දේශබන්දුවත් නෙවේ ඉන්නේ.
පරීක්ෂණ වාර්තා ඇවිල්ලත් නෑ. මේ කාලකණ්ණි දේශපාලනය ඉවරයි පාඨලී...
ගල් අඟුරු ටෙන්ඩරය යට තියෙන බරපතල දේ මේසෙ වෙන්න බැරිද.!
පැලවත්තේ පඩියට ලියන සහෝදරවරු මෙතැන අදහස් දාලා තියනවා කියන්නේම අනිවා වංචාවක් තමයි.
පාඨලී කියන්නේ යන්න එන්න මන් නැති මිනිහෙක් පක්ෂ කීපයක් අටවා ගත්තු ඒත් ජනතාව ඔහුව පිළිගත්තේ නැහැ. දැන් ඔහුගේ එකම කාර්ය මේ රජයේ හිල් හොයන එක... මේ රජයට වංචාව කියන වචනය ගාවන්න අමාරුයි... මෙම ගල් අගුරු ටෙන්ඩරය ගැන මාධ්‍ය සාකච්ඡාවේදී රජය මාධ්‍ය කරුවන්ට මේ සම්බන්ධව පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා...
බයියෝ පරීක්ෂණ කරල තීන්දුගන්න හැටිත් අදහසක් විදිහට ලියලා තියෙන්නේ...
එකෙක් කියනවා පරීක්ෂණ වාර්තා ඇවිත් නැහැ කියලා. ඒත් අඩුම ගානේ ප්‍රවෘත්තිය කියෙව්වා නම් පළමු ඡේදයේ තියෙන්නේ ලක්විජය බලාගාරයේ පරීක්ෂණ වාර්තාව අසමත් කියන එක නොවෙයිද කියලා මොවුන්ට තේරෙන්නේ නැතිව නොවේ. ඒ තක්කඩිකම...
තමුන් ෆේල් වෙලා හුගක් කල් , අනුන් ෆේල් කරන්න ඉස්සෙල්ලා තමුන් පාස්වෙන්න.
පක්ෂ කීයක් හැදුවාද, මේ රජය එනකොට කිව්ව බොදු දහම ඉවරයි කියලා...
පාඨලී ඉහල බුද්ධියක් දැනුමක් උගත් කමක් ඇති රටට මෙලෝ වැඩක් නැති ලැබුනු අවස්ථාව විසිකරලා දාපු කුහක දේශපාලකයෙක්