
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය කොටුව වෙරළේ තාවකාලික ස්ථානයක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යාමේ දී සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියන් දානය වැළඳීම ප්‍රතික්ෂේප කරමින් අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .
බලන්ගොඩ කස්සප හිමි හීල් දානය සහ දහවල් දානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් මෙම උපවාසයේ නිරත වන බව දැනගන්නට ඇත.
පසුගිය නොවැම්බර් 16 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් හිමිවරු හතර දෙනකු සහ තවත් පස් දෙනකු සමග නව දෙනකු ත්‍රිකුණාමලය අධිකරණය මගින් ඊයේ (14) රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය.
මෙම උපවාසයේ නිරත වන්නේ බලංගොඩ කස්සප හිමියන් පමණක් වන අතර සෙසු හිමිවරු සාමාන්‍යයෙන් පරිදි සිටින බව වාර්තාවේ. බලන්ගොඩ කස්සප හිමියන්ගේ මෙම උපවාසය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල රිමාන්ඩ් බන්ධනාගාරය ත්‍රිකුණාමල වරාය පොලිසියට ද දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුජන හිතාය, බහුජන සුඛාය කියලා බුදුන්වහන්සේ දේශනා කෙරුවේ. ඒකවත් නොදන්නා අය...