(ජේ.කේ.එල්. චාමින්ද)
සිය මවට පිහියකින් ඇන ඝතනය කොට සිය බිරිදටද පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ අයෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
ඊයේ (15) රාත්‍රි 7.30ට පමණ මෙම සිද්ධිය වි ඇතැයි කියයි. මෙසේ ඝාතනය කොට ඇත්තේ අහංගම සතොසගම,තිත්තගල්ල පෑලැස්ස ලිපිනයේ පදිංචි මහගමගේ නන්දාවතී ( 78) තැනැත්තියකි.
ඔහු සිය මවගේ පපු ප්‍ර දේශයට පිහියෙන් ඇන ඝාතනය කොට ඇති අතර පසුව ඔහුගේ නිවසේ සිටි තම තම බිරිඳ වන වොසාකා වීරසූරිය (අවු.57)යන ඇයටද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට ඇති බව පොලිසිය පවසයි.
පිහිඇනුමෙන් බරපතල තුවාල ලැබු මෙම කාන්තාව 1990 ගිලන්රථයක් මගින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇත. ඇයගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි..
සැකකරු පිහියත් රැගෙන අහංගම පොලිස් ස්ථානයට පැමිණ භාරවි ඇති අතර සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රදවාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හිතකින් තමාගේ මවට මෙවැනි දෙයක් කළාදැයි හිතාගන්න බැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා වත්ද? නැත්නම් ඉඩකඩම් වගේ දේපළ ප්‍රශ්නයක් වත්ද?