සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රිටම් සිං එම ධුරයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රිටම් සිං විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරනු ලැබ ඇත්තේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් විසිනි.

පාර්ලිමේන්තුවේදී අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ප්‍රිටම් සිං ට තවදුරටත් එම තනතුරේ රැඳී සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් පැහැදිලි කර ඇත.

සිංගප්පූරු දේශපාලනයේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. සිංගේ හැසිරීම නින්දිත සහ නුසුදුසු බව පවසමින් ඔහු තවදුරටත් එම ධුරයේ සිටීම නුසුදුසු බවට පාර්ලිමේන්තුව ඡන්ද විමසීමකින් තහවුරු කරන ලදී

නීතියේ ආධිපත්‍යය මෙන්ම පාර්ලිමේන්තුවේ ගෞරවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය වොන්ග් ප්‍රකාශ කර ඇත.

විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කළද, ප්‍රිටම් සිං දිගටම මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.