
(විමුක්ති එස් රුද්රිගු)
ඉරානයට පහර දෙන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සිදු කරන තර්ජන තාවකාලිකව නතර කර තිබෙන බවත් ඉරාන විරෝධතාකරුවන් ඝාතනය නොකරන බවට සහ අත් අඩංගුවට ගත් ඇතැම් විරෝධතාකරුවන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්රියාත්මක නොකරන බවට ඉරානය ඇමෙරිකානු ජනපතිවරයාට සහතිකයක් ලබාදීම එයට හේතුව බවත් "ද ගාර්ඩියන්" පුවත්පත ප්රකාශ කළේය.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පෙරේදා(14) ධවල මන්දිරයේදී වාර්තාකරුවන් ඉදිරියේ ප්රකාශ කර ඇත්තේ ඉරානය තවදුරටත් විරෝධතාකරුවන් ඝාතනය නොකරනු ඇති බවත් විරෝධතාකරුවන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්රියාත්මක කිරීම හෝ විරෝධතාකරුවන්ට මරණ දඬුවම නියම කිරීම ඉරානය තවදුරටත් සිදු නොකරනු ඇති බවත්ය.
තමාට ලබාදී ඇති දත්තවලට අනුව ඉරාන විරෝධතාකරුවන් 2000ත් 12000ත් අතර ප්රමාණයක් මේ වනවිට ඉරාන ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්ව ඇති බවද ඇමෙරිකානු ජනපතිවරයා ප්රකාශ කළේය.
කෙසේ වෙතත් ඉරානයට ප්රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබාදිය නොහැකි බවද ජනපති ට්රම්ප් පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd