
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු කතා නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය පැදවූ මෝටර් රථයේ අද අලුයම තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි.
කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,ඒ ඒ කේ එම් විජේසිංහ මහතාගේ උපදෙස් මත වැඩ බලන රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 34895 උපාලි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරට පත් වුනු අනිත් රථයේ රියදුරා දැඩිසත්කාර ඒකකයට දාලා බීමත්ව සිටියාද කියන පරීක්ෂණයෙන් දවසක් පහුවෙලා කරා නම් තමයි නීතිය හැමට සමාන....
මේ අය හප්පනකොට අනිත් අය බීලා... ලැජ්ජ නැහැ.
පොලිසිය නම් මාර ඉක්මන් වෙලා..
විපක්ෂයට තවත් සතියකට ගෙනියන්න සටන් පාටයක් මේකෙන් ලැබුණා. ඒත් එක්කම විශ්වාස බංගයක් ගේන්නත් පුළුවන්ද?
පොලිස්පතිතුමාටත් සෞඛ්‍ය ඇමතිටත් පින්සිද්ද වෙන්න ඕන පුම්බන්න ඕන බැලුම් වේලාසනින්ම අහිංසක රන්වල ඇමතිතුමාගේ බිරිඳ ගැන හිතලා හරි ගෙන්නගෙන තිබුණු එකට... තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි අනතුර කරපු රථයේ රියදුරු මහතාට වෙරි හිදුණාට පස්සේ...
"අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු ..." ගැන උසස් පොලිස් නිලධාරියෙක් කියලා තියෙන්නේ කොහොමද? අනතුරකට වාහන දෙකක් අදාල වෙනවනේ. ඇයි එක්කෙනෙක් ගැන විතරක් කියන්නේ? කෙලින්ම එයාට විතරක් වැරැද්ද පවරන්නේ කොහොමද? මත්පැන් පරීක්ෂණය එයාට විතරද කළේ? අනිත් රියැදුරාට කළේ නැද්ද? පොලිසිය පැය විසිහතරක් හිටියේ නැද්ද පරීක්ෂණය කරන්න!...