
(චමිලා අල්විස්)
හොරණ ඉලිඹ හන්දිය අසල තරගෙට යතුරු පැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනිත් තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි ශෂී නැමැති තරුණයෙකි.
ඉංගිරිය දෙස සිට හොරණ දෙසට යතුරුපැදි දෙක වේගයෙන් ධාවනය කරමින් සිටියදී හොරණ සිට ඉංඟිරිය ප්‍රදේශයට ගමන් කරමින් සිටි මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙක මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදි දෙක පැදවු තරුණයන් දෙදෙනා බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දාහත් හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය..
අනතුරින් යතුරුපැදි දෙකට සහ මෝටර් රථයට බරපතල හානි සිදුව ඇත.
සිද්ධියෙන් පසුව මෝටර් රථයේ රියැදුරු හොරණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් ඉවරයි. ඉගෙන ගත්ත නැති එකේ ප්‍රතිඵල. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනි මේ නිසා තමයි
කාර් එකේ රියදුරු මක් කරාටද අත්අඩංගුවට අරගන්නේ?
නිවන්සුව පතමි!
ඇසිපිය ගහන වේගයෙන් නොහික්මුණු එවුන් පරලොව යන්න හදිසියට යතුරුපැදි ධාවනය කරනවා. පදිකයින්ට පමණක් නොවෙයි අනෙක් වාහන හිමියන්ටත් අලාභයට අමතරව නිකරුණේ කූඩුවේ ලගින්නට වෙනවා. ඇත්තෙන්ම මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගැනීම කිසිම සාධාරණයක් නැහැ නේද
මෙහෙම උං හිටියත් වෙන්නෙ තව කාව හරි මරාගෙන මැරෙන එක. ගොං වාහ.පව් අර මෝටර් රථ රියදුරු. කොහෙවත් යන කරුමක්කාරයො දෙන්නෙග්ගෙ පව් ගෙවනව. අනිත් එකාට පාවිච්චි කරන සෞඛ්‍යය පහසුකම් අපරාදෙ. කොච්චරනම් මිනස්සු මැරෙනවද ICU පහසුකම් නැතුව. මෙහෙම උං විහිං මැරෙන්න ගිහිං සීමිත පහසුකම් ටික අහුරනවා.මොල බාග.
අනික් අයව එක්කගෙන නොයා තනියම ගිය එක හොඳයි.
හොඳම දේ සල්ලි දීල හරි මේ ළමයින්ට පදින්න පුළුවන් ට්‍රැක් ටිකක් හදන එක. එතකොටවත් මේ අනවශ්‍ය මරණ අඩුවෙයි. නහයට අහන්නේ නැති කාලේ අපි උනත් රිස්ක් අරගෙන ලෝකේ තියෙන ලොකුම ගොන් වැඩ කරා.තරුණ කාලේ පිස්සු වැඩ වලට බැනලත් බැහැ ,
දෙමව්පියන් මොන තරම් දහ දුකක් විදලා ඇතිද මේ ගොල්ලන්ව උස්මහත් කරලා ගන්න. අන්තිමට ගගට කැපූ ඉනි වගේ වුණා. තරුණ ළමයි මීට වඩා හිතලා මතලා වැඩකරනවා නම් හොදයි.