
(රංජිත් රාජපක්ෂ)
හැටන් ස්ටැඩන් වතුයායේ තේ කර්මන්ත ශාලාවට ඉහළින් වූ ඉලුක් සහිත රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 10ක පමණ කොටසක් ගිනි ගෙන විනශ වී ඇති බව වතු පාලන අධිකාරිය පැවසීය.
(16) දින පස්වරු 6:00ට පමණ හට ගත් ගින්න (17) දින අලුයම තෙක් පැවති බවත්, ගින්න රොසැල්ල සහ හැටන් දුම්රිය මාර්ගය ආසන්නයට පැතිරි ගිය බව වතු අධිකාරිය කිය සිටියේය.
හැටන් ප්රදේශයේ පවතින අධික වියලි කාළගුණයත් සමග කිසියම් පිරිසක් එම රක්ෂිතයේ වෙසෙන සතුන් දඩයම් කිරිමට හෝ විනෝදාස්වාය සදහා හෝ වෙනත් අරමුණකින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, ගින්නෙන් එම රක්ෂිතය හරහා වතු කම්කරුවන්ට ලබා දුන් ජල මූලාශ්රද සිදි ගොස් ඇති බවයි වතු පාලන අධිකරිය කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd