
(අංජුල මහික වීරරත්න)
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් යැයි තම පන්තියේ සිසුන්ට උගන්වන ටියුෂන් ගුරුවරයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
සිංහල සාහිත්‍ය පමණක් නොව ජීව විද්‍යාව, පරිණාමවාදය,මානව විද්‍යාව ඇතුළු විචාර ග්රන්ථ රාශියක් රචනා කළ අග්‍රගණ්‍ය ප්රාඥයකු වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් මෝඩයෙක් යැයි තම සිසුන්ට ප්‍රසිද්ධියේ ඉගැන්වීම පිළිබඳව අධ්‍යාපනවේදීහු දැඩි විමතිය පළ කරති.
මෙවැනි විකෘති මත දරු පරපුරට ප්‍රසිද්ධියේම ඉගැන්වීමට පෙළඹීම මෙන්ම ටියුෂන් ගුරුවරුන්ට ඕනෑම විකෘති අදහසක් නිදහසේ ඉගැන්වීමට අවස්ථාව ලැබීම ඛේදවාචකයක් බව විද්වතුන්ගේ මතයයි.
අදාල ටියුෂන් ගුරුවරයා මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව සිසුන්ට ඉගැන්වූ කරුණු අදාල වීඩියෝවේ මෙසේ සඳහන් වේ. "අර ගම්පෙරළිය ලියපු මෝඩයා,මොකාද උගේ නම ,මාර්ටින් වික්‍රමසිංහ.දැන් උඹලා ආසයිද ගම්පෙරලිය කියවන්න.එහෙනම් ඇයි ඌට හෙළයේ මහා ගත්කරු කියන්නේ.මොකක්ද හේතුව, මට තේරෙන්නේ නෑ.තේරුම් ගනිල්ලා තොපි කොච්චර ගෙංද කියලා.අච්චු පොතේ හරි නැත්නම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙළයේ මහා ගත්කරු වික්‍රමසිංහ කියලා.දැන් ලියනවා මේක විභාගයට.උඹලට ෆීල් වෙන්නෙ නෑ.ඌ මහ ගත්කරුද? මොන ගත්කරුද කියලා.
උගේ පොතක් කියවන්න හිතෙන්නෙ නෑ.හිතෙනවද?මට නං හිතෙන්නෙ නෑ.
ඊලඟට තොපිට සිංහල සාහිත්‍යයට මොනවද රෙද්දවල් ටිකක් ඉගැන්නුවානේ.මොකටද ඒවා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඒවා කියලා.
සැළලිහිණි සන්දේශය තියෙනවානේ.ඒවා මොකක්ද මම දන්නෙ නෑ. ආදේශක කවියක් නම් මට මතක බව පවසන මෙම ටියුෂන් ගුරුවරයා සැළලිහිණි සංදේශයේ කවියකට අසභ්‍ය වචන යොදා සකසන ලද කවියක් කියා පෙන්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක එයාට හිතෙන විදිහ. ඒ අදහස කීමේ අයිතිය පිලිගන්න බැරි නම් ඒක අධ්‍යාපනේ වැරැද්දක්?
අද බොහෝ ටියුෂන් ගුරුවරුන්ගේ ශබ්ද කෝෂයේ ඇත්තේ තෝ, තොපි, එකා, එකී, අරකි, මේකි, වරෙන්, පලයන්, කියපන් වැනි වචනයි. මේ වචන බොහොමයක් මේ 'ගුරුවරු" තමන් ජීවත් වෙන පරිසරයෙන්ම රැගෙන එන ඒවා බවයි මගේ මතය.
මේ වගේ අයට එරෙහිව ලමා ආරක්ශන අධිකාරිය මැදිහත් විය යුතුයි. මොහු ළමයින්ට අසභ්‍ය වචන කියමින් මේ කරන්නෙ අපචාරයක්
කවුද මේ ගොන් ගුරා? මම හිතන්නේ ජෙප්පෙක්.
මගේ දරුවෙක් හරි මූ ලඟට ටියුෂන් ගියා නම් මං ඒ මොහොතෙම නතකරනවා මූලඟට ටියුෂන් යන එකත්.
මූ පංති කරන්නේ ගංජා ගහලද ?
හෙළයේ මහා ගත්කරුට අපහාස කරනව නම් එයා මේ රටින් එලවන්න ඕන. එතුම දාර්ශනිකයෙක්, එතුම තම අදහස නොබියට කිව්ව අනාගතය දැක්ක අයෙක්. එතුම පුනරුත්ථාපනය කියන බොරුව තරයේ ප්‍රතික්ෂේප කරපු අයෙක්, ඒකට සමහර ආගම්ක අය එරෙහි උනා. නමුත් එතුම මිථ්‍යාව බැහැර කල සත්‍ය තේරුම් ගත් විරුවෙක්
රටේ අධ්‍යාපනේ විනාශ ටියුෂන් මාෆියාව පාලනය කරන්න හිටපු ආණ්ඩු සහ අලුත් ආණ්ඩුවත් කිසිම පියවරක් ගන්නේ නැහැ , එම කතාව පැත්තක තබමු මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා සිංහල සාහිත්‍යයට කරපු සේවය සුළු පටු නොවේ ,ඔහු මෝඩයකු නොවේ , නමුත් කාටද හරියටම කියන්න පුළුවන් ටියුෂන් ගුරා 100% හරිද වැරදිද කියල ? පරම්පරාවෙන් පරම්පරාවට අපිට මාර්ටින් වික්‍රම සිංහ මහත්මය සාහිත්‍යයේ පිය ලෙස උගන්වන විට අපිත් අලුතෙන් කිසිම ගවේෂණයක් පරීක්ෂණයක් නොකර එක පිලි අරන් , කට පාඩම් කරගෙන විභාගෙට ලියනවා , සමහරවිට වික්‍රම සිංහ මහත්මයට වැඩිය දක්ෂ ගත්කතුවරු ලංකාවේ සිටින්න ඇති , උදාහරණයක් ලෙස ගන්නවා නම් බොහෝ කාලයක් අපි හිතන් හිටියේ ලෝකය යනු පැතලි තැටියක් කියල , ඇරිස්ටෝටල් ඔහුගේ කාලයේ ඔහුගේ සමාජයේ තිබුන දේවල් තර්කාන්විතව අභියෝගයට ලක් කරපු නිසා ඔහුට මරණ දඩුවම ලබා දුන්න , නමුත් පසුව හෙළිවුණා බොහෝ කරුණු සත්‍ය බව , යුරෝපයේ දර්ශන වාදයේ පිය ලෙස අද ඔහු පිලි ගන්නවා .අලුත් තර්ක විතර්ක බිහිවීම මගින් සාහිත්‍යය පෝෂණය වෙනවා .
මෙම ටියුසන් ගුරාට වික්‍රමසිංහ පවුලේ අයත් එක්ක මොනවාහරි ලොකු තරහක් තියෙනවා වත්ද? ඔහොම බනින්නේ.
මට මතකයි මම මුලින්ම කියෙව්වේ මඩොල් දූව කියන සිංහල පොත. මම අවුරුදු 10 ත් 14 ත් අතර කාලේ. ඊට පස්සේ මට පොත් කියවන්න ආසාවක් ඇති වුණා. මාටින් වික්‍රමසිංහ කියන්නේ දක්ෂයෙක්. සඳහන් කරලා තියෙන අනිත් සාහිත්‍ය පොත් ඔක්කොම සිංහල හොඳ පොත්. මේ පුද්ගලයාට තේරෙන්නේ නැහැ නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. මේක තමයි වර්තමාන පරම්පරාවේ තියෙන ප්‍රධානම ගැටලුව.
දෙමාපියන් රැප් සින්දුවක් අහන ගමන් කරපු එක්වීමක ප්‍රථිපලයක් වගේ. ඔක්සිජන් කන්නද කීවා වගේ සාහිත්‍ය කන්නද කියන භෞතිකවාදී පොරක්. අධ්‍යාපන වෙනසක් ඕනේ මේවාට. සාහිත්‍ය එක්තරා විදියක මිනිස්සුන්ගේ සහකම්පනය, සමාජයට ඇති ආදරය, කරුණාව දයාව පතුරන, මිනිසුන්ගේ ජීවන අත්දැකීම් අනෙක් අයට දැනගන්න තියෙන ක්‍රමයක්...
විවේචනය කියන්නේ එකක්, ද්වේෂ සහගත ප්රකාශනය කියන්නේ තව එකක්, විවේචනයක් කරන්න කාටත් අයිතියක් තියෙනවා. ඒත් කෙනෙකුට අපහාසයක් කරන්න අයිතියක් නෑ. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඇමරිකාවේ Ernest Hemingway ගැන හරි එංගලන්තයේ Chales Dickenes ගැන හරි ඒ රටවල කොතරම් නිදහස තිබ්බත් උසස් අධ්‍යාපනයක් ලැබුවත් ඒ රටවල මිනිස්සු ඔය වගේ ප්‍රකාශ කරනවද නෑ නේ....