(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය බුද්ධි සේවයේ හතළිහක් හදිසියේම මාරු කර යවා ඇතැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
ඔහු එම නම් ලැයිස්තුව සභාගත කළේය
මෙය රාජ්‍ය බුද්ධි සේවය නැති කිරීමට කරන වෑයමක් දැයි තමා නොදන්නා බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහිරවයන් කිහිප දෙනෙකු සිටින බව කී මන්ත්‍රීවරයා එහි තෙල් ටැංකියකට ගුවන් යානා ඉන්ධන පුරවා කෝටි පහකට වැඩි පාඩුවක් කර ඇතැයිද පැවසුවේය.
ටැංකි සහ නළ පද්ධතිය අලුත් වැඩියා කිරීමට රුපියල් කෝටි 3500ක් වැය කර ඇති බවත් මේ ලොකු වියදම යට ලොකු කොමිස් ගනුදෙනුවක් අැති බවත් ඔහු කීවේය.
මේ පිරිස ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරන බවද ඔහු කීවේය.
මේ රට විනාශ කළේ ජුලී චන්ග් බව කී දසනායක මහතා ඇය ගිය දවසේ තමා රතිඤ්ඤා පත්තු කළ බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අස්වැසුම යෝජනා ක්‍රමය පිළිබඳ විවාදයේදීය.
ජනාධිපතිවරයා යාපනයේදී කාල් ලුවිස් දිව්වට වඩා වේගයෙන් දුවගිය බවත් යාපනයේ රැස්වීමට පොලිසියෙන් විසිදෙනා බැගින් ගෙනවිත් බොරැවට සෙනඟ පෙන්නූ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසියේම මොකද දන්නේ නෑ මෙහෙම වුණේ නේද?
බුද්ධි අංශයක් දැන් නැත්ද? චාමර ද බුද්ධි අංශයේ ප්‍රධානියා
මාරු කරන්නේ නැතිව අයින් කරලා අලුතින් පත්කරගන්න
අයුතු දේවල් රාජකාරියට එහා කරපු අයව වහාම ඉවත් කරන්න.
ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මෙයාලාට දෙන්න එපා...
ඛනිජ තෙල් එකේ ඔච්චර දැන දැන වන්චාවක් වෙනවනම් ඇයි එකට පැමිනිල්ලක් කරන්නෙ නැත්තෙ?
ගුරුවරුන්ව දන ගස්සපු එවුන් දැන් බණ කියනව හරියට අපි මැරිල ඉපදිල වගේ. බුද්ධි අංෂයෙ අය මාරු කලා නම් එයාලගෙ නම් කොහොමද මෙයාට ලැබුනෙ? මොකද මෙයා බුද්ධි අංෂයෙ නෙමෙයි නෙ? අන්න ඒ ලීක් එක හොයන්න ඔනෙ. එ් මාරු කරපු අය නම් මෙයාට නම් ලිස්ට් එක එව්වෙ, මාරු කලේ අැයි කියල තේරෙනවනෙ.
ආණ්ඩුව කරන්නේ මාලිමාව සහ රජය.ඒ අය අවශ්‍ය තීන්දු,තීරණ හරියට ගනියි.ඔයා නොදී පාඩුවේ ඉන්න.තමන්ගේ නඩු වලින් බේරෙන්න බයිලා නොගහ.අනික එදා ලංකාවේ බුද්ධි අංශ පාවා දීපු රනිල් එක්ක එකට හිටගෙන ගෑස් සිලින්ඩර් එකෙන් ජන්දේ ඉල්ලපු ඔහේට මොකක්ද තියෙන සදාචාරය ඔය වගේ ප්‍රශ්න අහන්න.එදා ගෝඨාභය ආපු ගමන් පලවෙනි රාජකාරිය විදියට මාරු කරේ කවුද?ශානි අබේසේකරව.
බදුල්ලේ UNP චන්දදායකයින්ට හැමදාම තණකොළ මිටියකුයි, පුන්නක්කු බාල්දිය ගානෙයි දෙන්න වටිනවා මේ වගේ මී හරකෙක් එව්වට.