
(ෂේන් සෙනෙවිරත්න)
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදක් සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පිළිගෙන තිබියදී එම ක්‍රියාවලියම ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක නායක හිමියෝ 06 වසර ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියන්ගේ සංසදය උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී විමසා සිටියහ.
එම සංවිධානයේ සාමාජිකයන් උන්වහන්සේ බැහැ දැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි සංදේශයක් බාර දීම එහිදී සිදු කෙරුණි.
එහිදී මහානායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරමින් මෙසේ විමසූහ. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ කිහිපදෙනකුගේම මේ වන විට රාජකාරී අත්හිටවා තිබෙනව. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම රජය විසින්ම වසරකට කල් දමා තිබෙනව. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරදි තිබෙන බව රජය පවා පිළිගෙන තිබෙනවා. කණ්ඩායමක් එය ක්‍රියාත්මක කරන ලෙසත් තවත් කණ්ඩායමක් එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමත් ගැටළු සහගතයි.
එහිදී මහා නායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් උගතුන් ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගනිමින් එය විධිමත් අයුරින් සිදු කිරීම යෝග්‍යයි ඒ සඳහා අවශ්‍ය ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් මේ රටේ සිටිනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයා සුළු වැරදි කිහිපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකියි..
මෙම පිරිස වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක මහා නා හිමියන් ද බැහැදැක සංදේශයද භාරදුන්හ.
එහිදී මහානායක හිමියන් අවධාරණය කර සිටියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනා එකතු වී සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණිය යුතු බවයි.
එහිදී දෙමව්පිය සංසදයේ සාමාජික ජයනි තෙල්ලමුරේ මහත්මිය පවසා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වසර තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එය කඩාකප්පල් කිරීමට සහාය නොදෙන ලෙස මුද්‍රිත විද්‍යුත් සහ සමාජ මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවධානය හිඟාකන පිස්සො ටිකක්
රට ගෙනියන්නේ පැවිද්දන්ට ඕන විදිහටද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දී 6වසර මොඩියුල යක තිබු වරද නිවැරදි කරනවා වෙනුවට පක්ෂ දේශපාලන හේතු කොට ගෙන මේ ගෙනයන මඩ ව්‍යාපාර මවක් ලෙස මා හෙලා දකිමි. මාධ්‍ය යයි කියා ගනිමින් සිටිනා බොහෝ පිරිසක් තම තමන්ගේ කතුවැකිය, වැඩසටහන, YouTube කුමක් හෝ සමාජ මාධ්‍යක් ඔස්සේ ප්‍රසිද්ධ කරගැනීමට දගලති. ඔවුන් ඔවුන්ගේ බඩ වියත රැක ගැනීමට වෙහෙසෙති. 6වසර දෙමාපියන් තමන්ගේ දරුවන්ට හොඳ ඉගෙනීමක් ලබා ගැනීමට අරගල කරති. තමන්ගේ බඩ වියත රැක ගැනීමට දරුවන්ගේ ඉගෙනීම බිල්ලට දුන් මාධ්‍ය කාරයනි කරන පවු පසු පස එන බව අමතක නොකරනු. මහනායක හාමුදුරුවන් මෙම මොඩියුල කියවා නොමැති බව කතාවෙන් පැහැදිලි ය.හරිනේ පැවසුවේ එහි ඇති වැරදි නිවැරදි කල යුතු බව මිස වෙන දෙයක් නොවේ.පැරණි අධ්‍යාපන ක්‍රමයට අදාල පොත්වල ඇති වැරදි කිසිවක් අවුරැදු 10 වැඩි කාලයක් තිස්සේ පවතී.ඒවා නිවැරදි කිරීම ගැන කිසිවෙකු සදහන් කලේ නැත.යල් පැන ගිය එම ක්‍රමය තවම ඉගෙනීම අපි කරන්නෙමු. දරුවන් නැති, ඉගෙනීමක් නැති උන් මෙන්ම අධ්‍යාපනය ගැන මෙලෝ අදහසක් නැති එවුන් ඔස්තාර් ලා වී සිටිති.වොයිස් කට් දෙති.ජඩ මාධ්‍ය ද හිරෙන් එලියට එන දේශපාලකයින්ට ද මයික් අල්ලා ප්‍රතිසංස්කරණ ගැන අසති.ඔවුන්ට ද නිසි අධ්‍යාපනයක් ලැබී නොමැති බව ඉන් තහවුරුවෙයි.
අසරන දරැවන්ට හෝ එම දෙමාපියන්ට මාධ්‍ය ආයතන සමග දේශපාලනයට සම්බන්ධ අය ට මෙන් දැන හැදුනුම් කම් නොමැත .එම නිසා ඔවුන්ගේ පැත්තට මාධ්‍ය කතා නොකරන තරම්ය මෙයින් පැහැදිලි වන්නේ තවමත් අපේ රටේ සාක්ෂරතාව යම් මට්ටමකට හෝ වර්ධනය වී නොමැති බවයි මන්ද කියවා තේරුම් ගත යුතු පොත් පිලිබදව අසා දැන ගැනීමට බොහෝ පිරිස් තවමත් උත්සාහ කරමින් සිටියි. මහනායක හිමිවරුන් වුවද කියවා තේරුම් ගෙන නැති බව පැහැදිලිය. රටක දරුවන් ගේ අනාගතය ආපස්සට අදින, අනාගතය විනාශ කිරීමට කටයුතු කරන සියලුම දෙනා පිටුපස තමන් කරන සියල්ල එන බව බුදුන් දේශනා කර ඇති බව මහනායක හිමිවරුන් ද නොදන්නවා විය නොහැක.