
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ගිය වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ප්‍රජා විශෝධනයට යොමු කර ඇතැයි අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය.
මෙම පිරිස බන්ධනාගාරවලින් පිටත තබා අධීක්ෂණයට යොමු කෙරෙන බව කී අමාත්‍යවරයා බන්ධනාගාර තදබදය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ප්‍රකාශ කළේය.
ප්‍රජා විශෝධනයට යොමු කෙරෙන ප්‍රමාණය මේ අවුරුද්දේ වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd