
(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම කර ඇත්තේ එම රාජ්‍ය නායකයන් දෙදෙනාට පෞද්ගලිකවම ලිපි යොමු කරමිනි.
මෙයට අමතරව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයටද මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා පෙත්සම් බාරදීමට නියමිත බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනටමත් පෙත්සම් කීපයක් භාරදී ඇති බවද සඳහන් කළේය.
විධායකයට අධිකරණයට විශ්‍රාම වැටුප හිමි නම් ව්‍යවස්ථාදායකයකට එම අයිතිය අහිමි කිරීම අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් මෙරට අධිකරණයෙන් සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට පසුගිය 7 වැනිදා සිට
දින 14 ක කාලයක් ලැබී ඇත.
පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 7 වැනිදා ඉදිරිපත් කෙරිණ. පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය
ලබන මස අග පැවැත්වීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512 කගේ විශ්‍රාම වැටුප අහිමි වී යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ඔබලාගේ පැත්තෙන් අසාධාරණයක් වෙන්න පුළුවන්. අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් මොන රටේ වත් ගෙවන් නෑ . පොඩ්ඩක් රජයේ සේවකයන්ගෙන්වත් හිතන්න. ඔබලාට ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් සමෘද්ධි සහනාධාරය ඉල්ලන්න එය තමයි පොදු ක්‍රමය
ට්‍රම්ට කියලා ග්‍රීන් කාර්ඩ් ඉල්ල ගනිල්ලා. නියම වෙලාව.
බලයේ ඉන්න විටත් හොඳට ගසා කාලා විශ්‍රාම ගිහිල්ලත් අපේ බදු සල්ලි වලින් කන්න බලාගෙන බහිරවයෝ සෙට් එකක්.
බලයේ ඉන්නා විටත් කොමිස් පගා ගහලා හොරා කාපු උදවිය.විශ්‍රාම ගිහිල්ලත් මහජන බදු මුදල් කන්න බලාගෙන ඉන්න බාහිරවයෝ
අනේ පේනවාද මෙයාලා?
මොන කාලකන්නි ටිකක්ද මේ? ට්‍රම්ප්ට කියනවාලු මේ වගේ මෝඩයන්ට අපේ සල්ලිවලින් ගෙදර ඉන්නවාට සල්ලි දෙන එක ජාතික අපරාධයක්
අපායට යන්න ඉන්න සෙට් එක ලියන්න ඕන ට්‍රම්ප් ට නොවෙයි බොල යම රජ්ජුරුවන්ට