
(නිමල කොඩිතුවක්කු)
රෝහල් පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවාවලින් ඉවත්ව අනිද්දා (21) වෙනිදා උදෑසන 8 සිට 22 වැනි දා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයෙහි රාජකාරී ආවරණය කරන පුද්ගලයා සිදුකරන බව කියන නීති විරෝධී සහ විෂමාචාරී හැසිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට බල කරමින් මෙම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
ජනවාරි 06 සහ 12 වෙනිදා යන අවස්ථා දෙකකදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කර ඇතත් මේවනතෙක් අදාළ ගැටළුවට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය සිදුකිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd