
(යොහාන් භාසුර)
රටක් ලෙස නවීකරණය විය යුත්තේ ආර්ථිකය ශක්තිමත් කල යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(19) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සංවිධානය කළ තරුණ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
ආර්ථිකය ශක්තිමත් කිරීමත් නව ලෝකයට ගැළපෙන තරගකාරීත්වයට ගැළපෙන ලෙසට තරුණ තරුණියන් සූදානම් කිරීම බවත් එසේ නොමැතිව තමන් අදින ශර්ට් එකේ, බබාගෙ ඇදුම් වල ගාන හොය හොයා මඩගහන එක නොවන බවත් ඔහු පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
"අපි දේශපාලන බලවේගයක් විදියට අපි විශ්වාස කරන කාරණා කිහිපයක් තියෙනවා.ප්‍රධාන වශයෙන්ම රටක් විදියට අපි ගොඩ නැගෙන්න ඕන.ඒ රටක් විදියට අපි ගොඩ නැගෙනවනම් අපේ අන්‍යනයතාවය අපි ආරක්ෂා කරගන්න ඕන.අපේ කම අපි ආරක්ෂා කරගන්න ඕන.රටක් නවීකරණය වෙනව කියන්නේ ඒ රටේ සංස්කෘතිය ආගම දහම අතාරිනව කියන එක නෙවෙයි. තමන්ගේ අන්‍යනතාවය ආරක්ෂා කර ගනිමින් නූතනත්වය කරා අපි ගමන් කරන්න ඕන"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd