
(බී.ජී. චතුරංග)
පුපුරන ද්‍රව්‍ය යොදා දේශීයව නිෂ්පාදනය කළ අත් බෝම්බ 3ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළකු, එම යතුරුපැදිය සහ බෝම්බ තුන සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර, මාතලේ හන්දිය, සමගපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, යුද හමුදාවේ හිටපු කොමන්ඩෝ සෙබලකු බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.කේ. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අනුරාධපුර පුල්ලයාර් හන්දිය, සාලිය මාවත, ඔටෝවේස් අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී පෙර පාසලක් ඉදිරිපිටදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සැක කටයුතු ලෙස මාර්ගයේ ගමන් කළ සැකකරු, නවතා සිදු කළ පරීක්ෂා කිරීමේදී සඟවා ගෙන සිටි මෙම අත්බෝම්බ සොයා ගත් බවත්, සැකකරු යම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම බෝම්බ රැගෙන යන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කළේය
ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd