(රංජන්  කස්තුරි)

රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව පාසල් පළමු වාරයේ පළමු අදියර සදහා හෙට සිට පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙන බවද එම අමාත්‍යාංශය කියයි.

පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට නිවාඩු හිමිවන බවද එම අමාත්‍යාංශය සදහන් කරයි

මේ අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වේ.