
(අංජුල මහික වීරරත්න)
චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
චීන වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි පිරිස සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් යොදා ගැනීමට අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
මේ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ අතර, එය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd