ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී පිහිටුවන ලද නව සාම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර අවසන් යැයි පැවැසෙයි.

ජනාධිපති ට්‍රම්ප් මෙහි සභාපතිත්වය දරන අතර, ගාසා තීරය යළි ගොඩනැංවීමේ කාර්යය පැවරී ඇති විශේෂඥ කමිටුවක කටයුතු මෙම විධායක මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන බව පැවැසෙයි.

විදෙස් රාජ්‍ය නායකයන්ට ද මෙම සාම මණ්ඩලයට එකන් වෙන්නැයි ට්‍රම්ප් ඇරයුම් කර ඇත. එසේ ඇරැයුම් කළ පිරිස අතරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සිටින බව පැවැසෙයි.