දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි
ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 කට ආසන්න වී ඇත.
අද (27) පස්වරු 6.30 වනවිට දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 49,758ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ ගණන 1,386ක් විය.