පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. 27 April 2020
ගත වූ පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 331 ක් ඒ අනුව ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 23,351කි. ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරස වසංගතයෙන් තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. 27 April 2020
හමුදා නිලධාරීන් කැඳවීමේදී නිසි පියවර අනුගමනය නොකළොත් ගැටලු මතුවිය හැකියි නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යළි සේවයට ගෙන්වීමේදී නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකළහොත් ගැටලූව තවත් උග්‍ර විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 27 April 2020
5000 ආධාර මුදලින් අරක්කු බිව්වාට අමතක නොවන පාඩමක් කොරෝනා ආධාර වෙනුවෙන් ලැබුණු රුපියල් 5000 සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 27 April 2020
සා.පෙළ. ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යපෙළ ) විභාගයේ ප්‍රතිළුල අද (27) නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි. 27 April 2020
බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට පැමිණෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු පළමු වරට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා රාත්රියේදී, ‘ඩවුනින් වීදියේ අංක 10’ අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණියේය. 27 April 2020
කොරෝනා ආසාදිතයන් 588 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 588 ක් වන බව සෞඛ්‍ය ප්රවර්ධක කාර්යාංශය කියයි. 27 April 2020
කොරියාවේ රැකියා සුරක්ෂිත බව විදේශ අමාත්‍යාංශය කියයි දකුණු කොරියාවේ ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්ෂිත බව විදේශ සබදතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. 27 April 2020
වරෙන්තු 7 ක් ලැබු පුද්ගයෙක්සැඟව සිටියදී අත්අඩංගුවට කරන්දෙණියේ සිදුවූ විවිධ අපරාධයන් සම්බන්ධයෙන් මහාධිකරණය ඇතුලු අධිකරණ හතරකින් විවෘත වරෙන්තු හතරක් ලබා සිටි අයෙකු කොරෝනා ඇදිරි නීතියට කොටුවී සිය නිවසින් බැහැර කරන්දෙණීය කහටගහ හංදිය ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (27 ) දහවල් අත්අඩංගුවටගත් බව කරන්දෙනිය පොලීසිය කියයි. 27 April 2020
බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි වාර්තා වේ. 27 April 2020
ඩකා නුවර සිරවී සිටින සිසුන් ගෙන්න ගුවන් යානයක් යවයි බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද 27 දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය. 27 April 2020
ඇඳිරිය අස්සේ ඉඩම් ආරාවුලකට කාන්තාවක් පිහිපහර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවැති කාලය තුල අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ප්‍රදේශයේ පාර්ශව දෙකක් අතර ඇති වූ ඉඩම් ආරාවුලක් දුර දිග යාමෙන් කාන්තාවකට පිහියෙන් කැපීම නිසා තුවාල ලැබූ කාන්තාව අංකුඹුර රෝහල වෙත ඇතුලත් කරනු ලැබ තිබේ. 27 April 2020
මහනුවර ආසාදිත සෙබළු 5ක් අයි ඩී එච් රෝහලට යවයි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට වයිරසය ආසාදනයවී තිබන බවත් හඳුනාගත් අතර සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි. 27 April 2020
කොරෝනා වයිරසය තුරන් කිරීමේ ඉලක්කයට ළඟාවී ඇතැයි නවසීලන්තය කියයි කොවිඩ් - 19 වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය නතර වි ඇති හෙයින් මේ වනවිට පනවා ඇති දැඩි සමාජ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි නවසීලන්ත රජය පවසයි. 27 April 2020
නාවික භටයන් 22ක් සර්වෝදයේ නිරෝධනයට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 කු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයට අද (25) රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 27 April 2020
මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි කොවිඩ් - 19 වෛරසය ආසාදනයවූ අයකු වවුනියාව ,මහකච්චකොඩිය ගම්මානයෙන් වාර්තාවීමත් සමඟ එම ගම්මානය ඊයේ (27) දිනයේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතා පවසයි. 27 April 2020
ඇදිරිය - නිරෝධායනය කැඩු 39,875ක් දැලේ ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 39,875 දෙනෙකු අද (27) වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 27 April 2020
ගම්පහ කොරෝනා ආසාදිතයකු අයි ඩී එච් එවයි ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත. 27 April 2020
ගල්මුල්වලින් ගසා බිබිලේ අයෙකු ඝාතනය කරයි බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ නිවසකට 26 දින රාත්‍රි ගල් මුල් වලින් පහරදි නිවෙස් හිමියෙකු ඝාතනය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 April 2020
ඉතාලියේ අගුලු දැමීමේ සීමා ලිහිල් කෙරේ කොරෝනා වෛරසය හේතුවෙන් සති 7 ක් පුරා ඉතාලියේ පනවා තිබූ අගුලුදැමීමේ සීමා ලබන මාසයේ සිට ලිහිල් කිරීමට සැලසුම් කර ඇත. 27 April 2020
මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නැහැ මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය නාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති. 27 April 2020
මාගාල්ල තෙල් ගබඩාවේ සේවකයින් 03 ක් නිරෝධායනයට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන රියදුරෙකු ඇතුළු සේවකයින් දෙදෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර අද (27) ඔවුන් පි. සි.ආර් පරීක්ෂණයට ලක්කිරිමට නියමිතව ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 27 April 2020
කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින් කොරෝනා වයිරසය. සීඝ්රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 27 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 26 April 2020
ආසාදිතයින් සංඛ්‍යාව 499 ක් දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 499 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 26 April 2020
දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ කොරියා ලංකා සහෝදර එකමුතුව නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි. 26 April 2020
සීදූව හමුදා කඳවුරේ කපිතාන්වරයකුටත් ආසාදනය වෙයි : 150 ක් නිරෝධායනයට සීදුව යුද හමුදා විශේෂ කර්ය බලකායකට අයත් හමුදා කදවුරේ කපිතාන්වරයකුට කොරෝනා වයිරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් කදවුරේ 150 පිරිසක් එම කදවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය. 26 April 2020
ඇඳිරිය කැඩූ 1211 ක් අත්අඩංගුවට ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1211 ක් අත්අඩංගුවට ගෙන වාහන 348 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 26 April 2020
තහංචි ලිහිල් කරන්න යුරෝපය ඉක්මන් වුණා වැඩියි ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවද්දි තවත් පැත්තකින් ගෝලීය ආර්ථිකය දිගින් දිගටම උග්‍ර අර්බුදයකට තල්ලු වෙමින් තිබේ. 26 April 2020
හෙට දිවයිනටම ඇඳිරි නීතිය නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට(27) රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත. 26 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026