IMG-LOGO

ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්

(විමුක්ති සංජය පෙරේරා  සහ පාලිත ආරියවංශ)
 

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිළධාරි වසමේ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මානවලට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවු බව ‍ප්‍රදේශවාසීහු පවසති.
 
මීට පෙර ඇකිරියට ඉකුත් 22වන දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට,23 වන දින උදෑසන 10ට  පමණ ,31 වන දින අලුයම 2.59ට පමණ  මෙසේ භූ කම්පන ඇති වී තිබිණි.
 
ඉකුත්  31 වන දින භූ විද්‍යා සාමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ පරීක්ෂාකර  ගම්මානයේ නිවසක් තුල  භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍ය්‍යනය කිරීමට නියමිතව තිබිණ.
 
ඇකිරිය ගම්මානයේ පවුල් 325ක 1200ක පමණ ජනග්‍රහණයක් ජීවත් වෙති.
 
මේ සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි  අවබෝධයක් නොමැති හෙයින් මේ  සම්බන්ධයෙන් නිසි පර්ක්ෂණයක් සිදුකරන්නැයි ගම්වාසීහු අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
 



අදහස් (1)

ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 February 2021 02:33 AM

ගුවන් තලයේ පාවෙමින් තිබෙන්නා වූ පස් පිඩක් මත මිනිසා දිවිගෙවනා බව හෝ වර්තමාන මිනිසා සිහිපත් කරනුයේ කලාතුරකිනි. ඒ තරමටම ඔහු සංකීර්ණ වූ ලොවක හිරවී සිටී. පෙර මුතුන් මිත්තෝ කළුගලක් මහා බුදුරුවක් බවට පත් කළෝය. සීගිරි පර්වතය ලොව ප්‍රචලිත කලා නිර්මාණයක් බවට පත් කළේය. ජලය එකතුවෙන පහත්බිම වැවක් බවට පත්කොට කෘෂිකර්මාන්තය දියුණු කළෝය. ඒ සියල්ල කළේ පරිසරය රැකෙනා පරිදිය. එහෙත්, අද දියුණු යයි සිතනා මිනිසා, කළුගල් පර්වත වෙඩි බෙහෙත් යොදා පුපුරුවා හරියි. යුද්ධ වලදී හා යුද අභ්‍යාස වලදී බෝම්බ දමා තමන්ව දරාසිටින මේ දැවැන්ත පස්පිඩ මතට ලබා දෙනුයේ අසීමිත පීඩාවන්ය. මේ දැවැන්ත කම්පන ශක්තීන්, දෙදරුම් ආදිය භූමිකම්පා සඳහා බලපාන බව නවීන මතයයි. එසේම, මිනිසුන් හා සත්වයින්ගේ මරණ වේදනා වැනි දෙයින් ඇතිවන කම්පනද මීට හේතුවන්නේ යැයිද පවතින තවත් මතයකි. මේවා අවම කරගැනීමට මිනිසා විසින්ම වද බන්ධනයට ලක්කිරීම ගැන යම්යම් සීමාවන් යොදවා ඇත. එහෙත්, ඇතැම් අශිෂ්ට මිනිසුන් සතෙකු ඝාතනය කරන්නේද අමානුෂික වදහිංසා දීමෙනි. "අහස පොළව නුහුළන අපරාධ " යනුවෙන් පැරැන්නන් දැන සිටියේ භූකම්පන හා ජලගැලීම් වැනි ස්වාභාවික විපත් සිදුවෙන බව ඉවෙන් මෙන් දැනසිටි නිසායි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site