ලක්ෂ 10 ක මත්කුඩු සමඟ තිදෙනෙක් පොලිස් දැලේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් හා තරුණයෙක් අද (25) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 25 April 2020
ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට පනවා ඇති ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් ව්‍යාජ ලෙස වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින් රාගම සිට මාතර මාලිම්බඩ පෙදෙසයට පැමිණි බව කියන තරුණයෙක් අද (25 ) දින අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි 25 April 2020
ඉන්දියාවේ සිටි සිසුන් සමඟ ගුවන් යානය කටුනායකට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරණ ගුවන් යානය අද (25) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 25 April 2020
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම දැඩි ඇප කොන්දේසි මත මුදා හරියි වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ හිමි නම රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග අද (25) නියෝග කළේය. 25 April 2020
පොදු සමාකාලය දීර්ඝ කරන්නැයි විදෙස් සබඳතා ඇමති කුවේට් තානාපතිගෙන් ඉල්ලයි කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට ලබාදී ඇති පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන ලෙසට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කුවේට් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 25 April 2020
ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරක සීමාවන් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරමින් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දින දක්වා දීර්ඝ කර තිබේ . 25 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මරණ 51,017 ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි. 25 April 2020
පුත්තලම සමෘද්ධි නිලධරයෝ සේවයෙන් ඉවත් වෙති පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත. 25 April 2020
හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව නාවික සෙබළු 13 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට කැබිතිගොල්ලෑව සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පැමිණි නාවික සෙබළු දහතුන් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබේ. 25 April 2020
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමි නම පොලීසියට බාර වෙයි වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි හිමිනම අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය. 25 April 2020
’කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 පනී නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 ඉක්මවා ගොස් ඇත. 25 April 2020
ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය. 25 April 2020
කරාපිටියට ඇතුළු කළ නාවික සෙබළුන් ආසාදිතයින් නොවේ ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් 8දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බව පී සී ආර් පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි කරාපිටිය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. 25 April 2020
මැකෝ - සජිත් ගැටෙති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. 24 April 2020
රත්නපුරේ නාවික සෙබළා කොළඹ අයි.ඩි.එච්.රෝහලට වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන ගොස් රත්නපුර රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නැවියකු පි.සි.ආර් පරික්ෂණයෙන් පසු අද (24) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 24 April 2020
ලස්සන ග්‍රාම සභා ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කරන ලද කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි. පශ්චාත් කොවිඩ් 19 හෝ පශ්චාත් කොරෝනා ලංකාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්න මගේ තද බල හැඟීමක්ය යෝජනාවක්ය. 24 April 2020
මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ඇදිරි නීතිය පනවා සුරාසැල් වසා තිබියදී නීතිවිරෝධී අන්දමින් මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සන්තකයේ තබාගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය හා දූෂණ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(24) අත්අඩංගුවට ගෙන තිබේ. 24 April 2020
කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද (24) සවස තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය . 24 April 2020
දෙපිරිසක් අතර ගැටුමකින් හොරණ තිදෙනෙකු තුවාල ලබා රෝහලේ හොරණ පොකුණුවිට ශාන්ති මාවතේ දෙපිරිසක් අතර මීට සුළු මොහොතකට පෙර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ පොලිසිය කියයි. 24 April 2020
බලන්ගොඩ - ඉඹුල්පේ නිවාස 42 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කදවුරේ සේවයේ නිරත සෙබළුන් පස් දෙනෙකු නිවාඩු ලබාගෙන බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කොට්ඨාසවල තම නිවෙස් වෙත පැමිණිමෙන් ඔවුන් සමග සම්බන්ධතා පැවත්වු නිවෙස් 42 ක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ . 24 April 2020
ඇඳිරිය අද රෑ 8 සිට දිවයිනටම අද රාත්‍රි 8 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 April 2020
අම්බර කිලෝ 11 ක් කන්දකුලියෙන් අත්අඩංගුවට තවමත් මිල තක්සේරු නොකළ,’’අම්බර ’’නම් වටිනා සත්තව කොටස් කිලෝ 11 ක්,කල්පිටිය කන්දකුළිය වෙරළේ ධීවරයකුගේ බෝට්ටුවේ තිබියදී, ධීවරයා ද සමගින් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 24 April 2020
අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 365ක් පිරුණි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට අවිනිශ්චිත දින ගෙවා දමමින් සිටියද ශ්‍රී ලාංකේය සමාජය ආධ්‍යාත්මිකව ඒකාත්මික වෙමින් ආගමික උම්මත්තක අන්තවාදීන්ගේ බෝම්බ පිපුරුම් මැද අකාලයේ මරු වසඟයට පත් ජනයා අනුස්මරණය කළහ. 24 April 2020
කොරෝනා යැයි සැක සෙබළෙක් මඩකළපුව මහ රෝහලට කොළඹ සිට අම්පාරට නිවාඩුව සදහා පැමිණි නාවික හමුදා සෙබලුන් 21දෙනාගෙන් 20 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව අම්පාර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ප්‍රසංග සේරසිංහ මහතා පැවසිය. 24 April 2020
කොරෝනා ආසාදිතයන් හඳුනාගන්න බුද්ධි අංශ සහය ලබාගන්නවා කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ භාවිත සහාය ලබාගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. 24 April 2020
තවත් නාවික සෙබළු 30 ක් ආසාදිත බව හඳුනා ගනී වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 24 April 2020
පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක් පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විදුලි බිල්පත අය කරනු ලබන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒකක ප්‍රමාණයට අනුව පමණක් බව විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි. 24 April 2020
ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන්ට එරෙහිව පියවර සෘජුවම නිවසට ලබා දෙන (DTH service / Dish TV) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේවාවන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 24 April 2020
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වසා දමයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) දහවල් සිට තාවකාලිකව වසා දමා ඇත. 24 April 2020
කුලියාපිටියට දුරබැහැරින් පැමිණ වෙළදාමේ නියැලෙන පිරිස් ඉවත් කරයි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ කුලියාපිටිය නගරයේ ප්‍රධාන මාර්ග මායිම් වල වෙළදාම් කරන සියලු ව්‍යාපාරිකයින් එම ස්ථාන වලින් ඉවත් කිරීමට කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසිය හා නගර සභා නිළධාරීන් පිරිසක් අද(24) කටයුතු කළහ. 24 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026