IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සියයට 91ක් කොරෝනාවෙන් සුවය ලබති

(රූප සටහන  - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 591දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 65,644 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය 91.35%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කරයි.

අද දිනයේදී පිටව ගිය වැඩිම පිරිස වාර්තා වන්නේ, ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර, එම අගය 52කි.

කෙසේවෙතත්, කොරෝනා බවට තහවුරු කළ රෝගීහු 5,197දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. එම අගය ප්‍රතිශතයක් ලෙස 8.1%කි. එසේම, අද උදෑසන 10.00 වනවිට පමණක් රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 715කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තහවුරු කළ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 71,211කි. එයින්, 150දෙනෙකු වෙනත් රටවලින් පැමිණි විදේශිකයන් වන අතර, 1,947දෙනෙක් විදේශයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෝය. එසේම, 950 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් සහ ආශ්‍රිතයන් ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 651කි. මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර පොකුර සම්බන්ධ අනුපොකුරුවල ආසාදිතයෝ 67,200ක්ද ඒ අතර වෙති. සෙසු 313 දෙනා වෙනත් පිරිස වෙති.

ශ්‍රී ලංකාවේ කොරෝනා සමස්ත මරණ ගණන 370කි. එයින් 228ක් පුරුෂයන් වන අතර, සෙසු 142දෙනා ස්ත්‍රීහු වෙති. කොරෝනා මරණ අනුපාතය 0.52%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ගණන 3,266ක් වන අතර, ඊට අදාළ මරණ ගණන 16කි.



අදහස් (0)

සියයට 91ක් කොරෝනාවෙන් සුවය ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site