(බන්දුල ඉලේපෙරුම)
විදේශීය ගව විශේෂ ආනයනයට තමන් සූදානම් නැති බවත්, මේ වන විට ගවයින් 10,000ක් ආනයනයට සූදානම්ව සිටින්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය. රජය විසින් සිදු කරන්නේ එම ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීමක් පමණක් බවද කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේය.
කිරි නිෂ්පාදනය ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනයෙන් 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා රජය සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට පිළිතුරු ලබාදීමට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉහත අදහස් දැක්වීය.
දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40 % ක් පමණක් දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා අතර ඉතිරි කිරි ප්‍රමාණය, කිරි පිටි සහ දියර වශයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා දේශීය කිරි නිෂ්පාදනය සහ පසුගිය වසරවලදී ආනයනික කිරි පිටි හා දියර සඳහා මෙරටින් විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
වසර 2024 වර්ෂය වන විට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනයෙන් 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙම රජයේ ඉලක්කය බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකාවට වඩා සුදුසු ගව ප්‍රභේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යෝජනා කළ ඉන්දියානු ගව විශේෂය ලබාගැනීමට ඉන්දියාව අවසර නොදෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
බුද්ධික පතිරණ මහතා වැඩිදුරටත් කළ විමසීමකට අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ ගව ඝාතනය තහනම් කිරීමේ තීන්දුවේ තත්ත්වය ද මෙහිදී පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවලදී පිරිමි ගවයන් ඒකරාශිකරණයෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ ඉන්න අය මදි වෙලාද?
ලංකාවට ගැලපෙන හොඳ ගවයින් පාකිස්තානයෙන් ආනයනය කළ හැකියි.
ඔව් ඉතින් 225ක්ම ඉන්න එකේ තව පිටරටිනුත් මොකටද..?
ලංකාවේ මෙතරම් සිටියදී විදේශීය ගව විශේෂ ආනයනය කරන්නේ කුමටද?
ඔව් ඉතින් දියවන්නාව පට්ටියේ ඉන්න ගාණ 225 ට වඩා වැඩි කරන්නත් බැහැනේ...
සහතික ඇත්ත... දියවන්නාවෙන් රටටම හොයාගත්තැහැකි.
ඔහේ වගේ කෙනෙක් අපි කවදාවත් දැකලා නැහැ.
ඔබ හරි මහත්තයෝ... මෙහේ ලක්ෂ 69ක්ම ඉද්දී මොකටද පිටින් ගෙන්නන්නේ?
සහතික ඇත්ත, මෙච්චර හරක් ඉන්න රටේ නේද?
ගව පටිට්යක්ම 225 ඉඳිද්දී මොකටද තව පිටරට හරක්...? දැන් ඉන්න ගවයින් පාලු කරන විදියට පිටරට ගවයිනුත් ආවාම තිබ්බා බලාගන්න වැඩේ තරම..
එතකොට 225ට මොකද වෙන්නේ?
ඔයාලගේ කට්ටිය ඉන්නකොට පිටරටවල අය මොකටද?
ගව කිරි නිෂ්පාදනයේ අමානුෂික පැත්තක්ද ඇත. ගවයින් කිරි නිෂ්පාදනය කරන්නේ පැටවෙකු බිහිකළ විට පමණයි. පැටවා ඉපදුණු විගස ඌ මවගෙන් වෙන්කර තබා, එළදෙනගේ කිරි මනුෂ්‍ය පරිභෝජනය සඳහා ලබා ගැනීමට පටන් ගනී. බොහෝවිට පැටවා නැවත මව දකින්නේ නැත. පිරිමි වසු පැටියන් බොහෝවිට මරා වෙළෙඳපළට යවනු ලබයි. කිරි ලබාගැනීම සඳහා එළදෙනුන් සෑම වසරකම කෘතිමව ගැබ්කරනු ලබයි. එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනය අඩුවූ විට, උන් මස් සඳහා යවනු ලබයි. මේ ක්‍රියාවලිය ලංකාව වැනි බෞද්ධ රටකට කොතරම් ගැලපේදැයි සිතා බලන්න...
ඒක නේන්නම්.. තමන්ගේ ජාතියේ අය නැතිකරගන්න කැමැති කවුද?
පිටරට ගවමස් මොකටද? මෙවැනි අයවලුන් ඉන්නකොට...