
(විනීතා එම් ගමගේ)
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කිරීමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයතු කරන බව පෙනී යන්නේ යැයි වනජීවී හා වනසම්පත් අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ඇය දිසා වන නිලධාරිනිය වන බවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වගන්තියේ 8 වන උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන බැවින් ඇය තමන්ට අයත් නොවන කාර්යයකට මැදිහත් වී ඇතැයි ද ලේකම්වරයා කීය.
මෙහි සිදුව ඇත්තේ වන සංරක්ෂක නිලධාරියෙක් වෙනත් පනතක කටයුත්තකට මැදිහත් ව තිබීමක් යැයි ද ගැටුම් කළමණාකරනය කළ යුතු රජයේ නිලධාරිනියක් ගැටුම් ඇති කිරීමේ තත්ත්වයක් ඇති කරන බව පෙනී යන්නේයැයි ද කී හරිස්චන්ද්‍ර මහතා, මේ සම්බන්ධව වන සංරක්ෂකවරයා යම් පියවරක් ගන්නවා ඇතැයි ද කියා සිටියේය.
ඇය යම් හෙයකින් එකී ස්ථානයට යන්නේ නම් ඇයට ඉහළ නිලධාරින්ට ඒ බව දන්වා යායුතු බවත් එහි දී තමන් කරන ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න ප්‍රධානීන් දැනුවත් කළ යුතුව තිබු බවත් හෙතෙම සදහන් කළේය.
මෙම නිලධාරිනිය සම්බන්ධව චෝදනා ඇතැයි ගම්පහ දිසා ලේකම්වරයා ද තමන් වෙත දන්වා ඇති බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ඉදිරියට නොයන හේතුවක් නම් නිලධාරිවාදය සහ සුද්දන්ගෙන් කොපි කරගත් රතු පටියි.
වැටත් නියරත් ගොයම් කා නම්.. දේවානි මහත්මියනි, එදා ඔබතුමිය එතැනට නොගියා නම් ඔය " පණ්ඩිතයාගේ " මිනිස්සු ඔය වටිනා ගස කපනවා. වාසනාවකට ඔබ වැනි නිලධාරිනියක් එය නැවැත්වුවා. ඔය කෑගහන ලේකම්වරයාගේ සුදුසුකම් මොනවාද කියා සොයා බලන්න ".. පරිසරය හා ආශ්‍රිත " කිසිත් නැත...!!! දේවානි ජයතිලක කියන්නේ ජීව විද්‍යාව, පරිසර විද්‍යාව.. වන රක්ෂිත. පිළිබඳ ඉහළම සුදුසුකම් ඇති කෙනෙක්... අපි ඒ කියන්නේ මේ රටේ ජීවත්වන පරසරයට ගරුකරන සියලු දෙනාම ඔබ සමගයි. ඇමතිලා, ලේකම්ලා අද ඉන්නවා හෙට විසි වෙනවා. එ්ත් ඔබ වැනි රටට වැඩදායි උගතුන් හැමදාමත් මේ රටේ සිටිය යුතුයි...
පශු සම්පත් ලේකම්කමට පත්කළ යුතු කෙනෙක් වන සම්පත් ලේකම් වුණාම මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ...
දේවානිට දඬුවම් දෙන්න ගියොත් ආණ්ඩුවටත් ගෙදර යන්න පැදුර අකුලන්න වෙයි. පනත කුමක් වුවත් එයා වැරැදි දෙයක් කරන්න ගිහින් නැහැ.
ගැලරියේ විසිල් වලට ආශාකරලා තව තවත් බල්ටි ගහන්න ගිහින් පශ්චාත් භාගය බිම ඇණගත්තු රන්ජන් වගේ වෙන්න එපා..
මේ ලේකම් කියන ගොට්ට අල්ලං යන බූරුවා කියන්නේ මොනවාද? අරෙහෙං නන්දසේන කියනවා වන සම්පත රකින එක නිලධාරින්ගේ වගකීමලු.
වැරැද්දට කටපියන් හිටියාම ගැටුම් නැතිව යනවා.
දන්නා තරමින් මැය ජේ.වී.පී. පාක්ෂිකාවක්...
වනජීවී ලේකම්ලා සොයා නොබැලූ නිසා මේ නිලධාරිනිය ඒ ගැන හරිහැටි සොයාබැලූ නිසා ලෝකෙට අහිමිවීමට ගිය වටිනා දුර්ලභ ගසක් ආරක්ෂා වුණා. ලේකම්ලා ඇතුළු සෙට් එක හැදුවේ මේ ගස එතැනින් ගලවා වෙනතැනක සිටුවීමේ අනුවණ තකතීරු තීරණය ක්‍රියාත්මක කිරීමටයි. දේවානි නිලධාරිනිය නොවන්නට ලෝකයේ ඇති දුර්ලභ ගසක් ලොවට අහිමිවීමට ඉඩ තිබුණා. දේවානි කියන එඩිතර හා පරිසරයට ආදරය කරන මේ කාන්තාව මේ උඩඟු නිලධාරීන්ට තම වගකීම ගැන හොඳහැටි කියා දුන්නා. ඒ නිසා ඔවුන්ගේ සැබෑ නිරුවත ජනතාව මනාලෙස දැකබලා ගත්තා. දැන් රෙදි නැතිව ඉන්නා ඔවුන් දේවානිගෙන් පලිගැනීමට සැරසෙන බව පෙනේ. දේවානි.. බිය නොවන්න. නිවැරදි ඔබ සමග රටක් හා බුද්ධිමතුන් සිටිනා බව අමතක නොකරන්න.
වැඩ කරන මිනිස්සු දකිනකොට අනික් කාලකණ්ණි බුරනවා.
ඔව් ඔව් ඔයාලා වගන්ති අනුව කටයුතු කරන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට කාන්තාරෙක ජීවත් වෙන්න.
දේවානිට දොස් කීවාට ප්‍රශ්න විසඳෙන්නේ නැත.
අපිට අවශ්‍යයි ඇයට උදව් කරන්න.
ඇත්ත කතා කළ කෙනෙක් ශ්‍රී ලංකාවේ කවදාවත් දිනන්නේ නෑ. මෙතුමියටත් අන්තිමට රැකියාවත් නැතිවෙයි. අපේ රට කවදාවත් ගොඩ නොඑන බව නම් විශ්වාසයි...
දේවානිට අත නොතබනු.. !!!
මේ නිර්භීත නිලධාරිනිය රටෙන් සඟවන්න හදන්නේ. සොබාදහමට ආදරය කරන මේ යකඩ ගැහැණියට අභියොග කරන පිරිමි නම් ඇත්තටම පිරිමිද?
දේවානි මහත්මිය වගේ නිර්භීත කාන්තාවන් ඉදිරියේ පහවෙන පිරිමි ඉන්න රටේ.., මම වගේ සාමාන්‍ය ස්ත්‍රියක් මොනවා කරන්නද මැඩම්? මගේ දෑතින්, මගේම නහය වසා ගන්නවා...
මොනවා වුණත් අදාල පුද්ගලයින් නිදාගෙන ඉන්න කොට ගහ බේරා ගත්තේ දේවානි ජයතිලක මහත්මියනේ. අපට ඕනේ එච්චරයි. එතුමියට මෙවැනි ක්‍රියා සිදු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
මෙම ලේකම්වරයාට ඔක්සිජන් ආහාරයට ගත යුතු දැයි අසන පුද්ගලයාට සමාන දැනුමක් ඇති බව පෙනේ...
පේනවා නේද තලගොයි, කබරගොයි වන හැටි. ජාතික සම්පත් රකින්න තනතුර අදාලම නැහැ ලේකම් මහත්තයට කීයක් ගෙව්වද දන්නේ නැහැ... මේ ප්‍රකාශයට. රටකට ගිය කලක්... දැන් දැන් ඔක්කොම එකතු වෙලා කැලේ කපන්න පටන් අරන්....
මෙයා හදන්නේ අර ග්‍රේටා වගේ වෙලා නිකන් පොරක් වෙලා මොකක් හරි එන්.ජී.ඕ. එකකින් සම්මානයක් ගන්න. අර විල්පත්තු කපනකොට මෙයා කොහෙද දන්නේ නෑ හිටියේ? අසාධාරණ වැඩට විරුද්ධ වෙන්න ඕන. හැබැයි එ්කේ තියනවා විදිහක්, පිළිවෙලක්..මෙයා රංජන්ගේ පාරේ වගේ යන්නේ දැන්...
එදා දේවානි මහත්මිය ඔය ගහ තිබෙන පැත්තට නොගියා නම් " චීන්නු " ගහ කපලා. මට පේන විදිහට අමාත්‍යංශ ලේකම්ටත්, ගම්පහ දිසා ලේකම්ටත් අවශ්‍ය වෙලා තිබුනේ චීන්නු ලවා ගස කපවා ..." අපිත් දැනගත්තේ මේ දැන් ..මහා අපරාධයක්..." කියා මාධ්‍යයට කියන්නටයි. ඔය ලේකම්ලා කට්ට කෛරාටික දේශපාලකයින්ගේ සියලුම බැල මෙහෙවර කරලා, බල්ලෝ නාවලා, වළං හෝදලා ...හි..හි ..යස් සර් " කියාගෙන ඉන්න ගමන් නිලධාරින්ට රාජ ඌෂ්නේ පෙන්වනවා. ඇත්තටම ඒ බලු උෂ්නයක් මිසක් වෙන දෙයක් නොවෙයි. ඊළඟ ආණ්ඩුව බලයට පත්වුණාම ලේකම්ට පයින් ගහලා එළවලා තව ලේකම් කෙනෙක් පත්කර ගන්නවා. නමුත් අවංක නිලධාරීන් හැමදාමත් තම රාජකාරිය දේවකාරිය වගේ කරගෙන යනවා. අපි සියලුදෙනාම දේවානි මහත්මිය සමගයි...!!!
දැන් ඉතින් නිලධාරීන්ගේ නිරුවත වහගන්න ඒ අවංක ගැහැණියට තඩිබාපල්ලා... අනේ ලංකාවට ගිය කලක්. දේවානි ඔතනට නොගියා නම් මෙලහකට ගහ කපලා. නොගිය වනජීවී එකලට විනය පියවර ගනිල්ලා. ඒ අය නොගිය නිසානේ දෙවානි ගියේ...
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මැදිහත්ව ජන මාධ්‍ය මගින් රටේ ජනතාවට මෙම දුර්ලභ ශාකයට සිදුවීමට නියමිත කරුණු ප්‍රකාශ කිරීමත් සමග රහසිගතව සිදුවීමට තිබුණා වූ විනාශය වළක්වා ගැනිණි. ඇය එසේ නොකළා නම් මෙවැනි ශාඛය තිබුනේද කියාවත් බලධාරීන් නොදන්නේය. ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයතු කර නොමැත. රැකියාවට වඩා පරිසරයට ආදරය කරන පරිසරය ආරක්ෂා කිරීම සඳහා කැපවන ඇය දේශපාලන බලපෑම් මත තීන්දු නොගන්න බව පසුගියදා රටටම පෙන්වා දෙන ලදී. ඇයගේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ නම් එසේ කර තිබෙන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මිස ඒ අයගේ පුද්ගලික අවශ්‍යතා මත නොවේ. ඇයගේ මෙම හෙළිදරව්ව නිසා මේ වනවිට බොහෝ දෙනෙකුගේ අස් විවර වී ඇත. කෙසේවතත් ලංකාවේ පවතින දුෂිත ක්‍රමවේදය වෙනස් විය යුතුවම ඇත. ඉදිරි පරපුර සඳහා රට වෙනස් විය යුතු වේ. වර්තමාන ක්‍රමය පමණක් නොව එම ක්‍රමයෙන් යැපෙන වර්තමාන දේශපාලකයන් ඇති බහුතරය ඉවත් කළයුතුව ඇත. දේවානි ජයතිලක වැනි රටට ආදරය කරන පිරිසක් පාලනයට පත්කර ගැනීම කලයුතුවේ.
ඇමතිගේ ඉඳලා හැමෝම උත්සාහ කරන්නේ පරිසරය වෙනුවෙන් යමක් කරන කෙනාට දඬුවම් දෙන්න වගෙයි...
“අන්තිම ගහ, අන්තිම ගහ, ලෝකෙටම එකයි " ගාලා අවසන් මොහොතේ ගහ ගාවට ගිහින් ඉස්සරහට පැනලා වොයිස් කට් දීපු දේවානිට වඩා, මේකෙ පැළ හොයාගෙන වවපු මහත්තයාට තිබිලා තියෙනවා මේ වෘක්ෂලතාව ගැන ඔබතුමිට වඩා කැක්කුමක්.. හේතුව තමයි ඒ ගහ අන්තිම ගහ කියලා දේවානිලා හෝ වන සංරක්ෂණ දෙපාර්මේන්තුව මුල ඉඳන් දැනුවත්ව හිටියා නම් ඇයි පටක රෝපණයක් හෝ නොකර පැළ බෝ කරගත්තේ නැත්තේ? අපි මුලින්ම ඒක සැලසුම් අදියරයේදී අදාල රාජ්‍යායතන සමඟ කතා බහ කරනවා. හැබැයි මේ මෙලෝ හත් ඉලව්වක් නොදන්න සාමාන්‍ය කම්කරුවො ඩෝසර් කරනකොට දුවගෙන දුවගෙන ඇවිත් ඉස්සරහට පැනලා සංදර්ශනේ දාන්න කලින් කරන්න තිබුණු වැඩ මහ කන්දක් තිබ්බා.
ඔබව යොදාගෙන ' පොලිටික්ස්' කරන අයට ඔබ හසුවිය යුතු නැත...
ඔය පනත ප්‍රකාරව වෙන්න බලාගෙන හිටියා නම් කවදාවත් වෙන්නේ නෑ. දැන් මොන නිලධාරියාද ඕකට මැදිහත් වෙන්න තිබුනේ. දැන් ඔය කියන නිලධාරියා නිසි වගකීම් ඉටු නොකිරීමේ වරදට දඬුවම් කරන්න ඕනෑ.
මේ සිරිබර මේ සිරිලකයි. මෙහෙ කළයුත්තේ... කාලා වෙනදේ නොදැක්කා සේ සිටීම විතරයි.
මම හිතන්නේ පලිගන්න අවස්ථාවක් බලාගෙන හිටපු කෙනෙක් වනජීවී ඇමතිට කියලා වැඩේ කරවා ගන්න යනවා කියලා...
මේ රටේ දියුණුවට ලොකුම බාධාව සම්ප්‍රදායිකව හිතන දැනුමක් නැති පරිපාලන නිලධාරීන් සහ දේශපාලකයෝයි...
අපිට දේවානි ගැන ආඩම්බරයි. එය ඔබ වගේ දේශපාලකයන්ගේ පස්සේ යන කෙනෙක් නොවේ.
නංගියේ, නුඹට මේ රට හරියන්නේ නැහැ. දේශපාලන මඩ ගොහොරුවේ එරී ඉන්න නිලධාරින් නුඹ වැනි නිර්භීත නිලධාරිනියකට මෙහෙම නොකළොත් තමයි පුදුමේ... වෙන රටකට යන්න නංගියේ. තෙරුවන් සරණයි..!!!.
ලේකම් කැකිල්ලේ තීන්දුවක් ගෙන ඇත. දේශපාලකයින්ගේ පදයට නටන මෙවැනි කොන්දක් නැති නිලධාරීන්ට වඩා දේවානිට ජනතාව ගරුකරන බව කිවයුතු නොවේ.
මේ කියන විදිහට වඳවී යන ශාක සහ සත්වයින් ගැන කතා කරන්න කාටවත් බැරිද? එතකොට සාමාන්‍ය ජනතාව කතා කළත් වැරදියි. මේ වගේ නිලධාරින් ඉන්නවා මෝඩ කතා කියන. මෙම ශාකය ආරක්ෂාකර පාර වෙන පැත්තකට යොමු කරන්න බැරි මෝඩ මිනිස්සු... දේවානි මහත්මියට බනිනවා.
ඇගේ කාර්යය අගය කරනවා. අය කළේ පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි.
වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වගන්තියේ 8 වැනි උපලේඛනයේ ප්‍රතිපාදනයින්ට අනුව කටයුතු කවුරු බදාගෙන කළත් රටේ පරිසරය රැකගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. එ්ක අමතක කරන්න එපා.
ඒ ඔහු රාජ්‍ය සේවකයින්ට ලබා දුන් ශක්තියයි! රෙස්පෙක්‍ට් සර්
එකඟයි... ආයතනික විනයක් තියෙනවා. ඉහළ නිලධාරින් ඉන්නවා. ඒ මාර්ගයෙන් මේක කියන්න තිබුණා.
මෙතරම් විනාශයක් වෙද්දීත් හරිදේ වෙනුවෙන් පෙනී සිටි ඒ නිලධාරිනියට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. මේ වෘක්ෂය අසල ඇයගේ ප්‍රතිමාවක් ඉදිකළ යුතුයි..
ආයතන සංග්‍රහයේ ඔහොම ඇති. ඔහේලා වගේ පිනට කකා දේශපාලකයින්ගේ පස්සෙන් යන නිලධාරින් වැඩක් කරන මේ වගේ නිලධාරියෙකුට ලෙඩක් අදින්න ඒක පාවිච්චි කරනවා... ඔතන ඔච්චර දෙයක් වෙනකම් ලේකම්ලා බුදිද?
මේ වෘක්ෂ රාජයා රැකගැනීමට රටේ සමස්ත, ජනතාවම රොක් විය යුතුයි. තිස්ස ජනනායක සර්, පරිසරය වෙනුවෙන් හඬ නැගූ සංඝයා වහන්ස, කාඩිනල්තුමනි, පරිසරවේදීනි. ජනතාවත් සමග, ලක්ෂ, ගණනින් මේ ස්ථානයට, පැමිණෙන්න. මුලු ලෝකයටම, පණිවිඩය දෙන්න. එසේ නොකළොත් එක් රැයින් මේ ගස, අතුරුදහන් කරාවි. නන්දසේන කියාවි ගස් රකින එක, වනජීවී නිලධාරින්ගේ වැඩක් කියලා...
ඈත ගම්වලට ගිහින් පිට්ටනි උදලු ගාන්න, තුත්තිරි ගලවන්න හමුදාවට අන කරන අයට බැරිද මෙච්චර ළඟ, තියෙන, මේ ස්ථානයට ඇවිත් බලලා අධිවේගේ ඇලකරලා ගනියව් කියලා අණ දෙන්න. මේ ගහ විනාශ කළොත් ඒ ශාපය ජාති ජාතිත් පලදෙනවා.
ඇය අවංකව පරිසරය ගැන සිතා කටයුතු කරනවා විය හැකියි. නමුත් බංකොළොත් විපක්ෂයේ අය වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ගැටලුව දේශපාලනීකරණය කිරීම නිසා එයාලගේ උත්සාහය හෑල්ලු වුණා.
මේ වනජීවී ලොක්කෝ ඔක්කොම 69 ලක්ෂයේ ගොට්ටෝ. නැතිනම් මේ රටේ පහුගිය අවුරුද්දක කාලේ වුණු පස් කපන හොරු, වැලි ගොඩදාන හොරු, ඇළ දොළ ගංගා විනාශ කරන හොරුවනාන්තර කපලා විනාශ කරන හොරු, පුරාවස්තු විනාශ කරන හොරු කවුරුවත් ඇල්ලුවද?
දොස් කියන්න ඕනේ දේවානිට නොවෙයි මෙන්න මේ ලේකම්ටයි. තමන්ගේ යුතුකම හා රාජකාරිය පැහැර හැරියා මේ නිලධාරියාට හා අනෙක් සෑම දෙනා ගැනම සොයාබලා ඔවුන්ට විරුද්ධව නිසි පියවර ගත යුතුයි. මේ දේ වෙනරටක වුණා නම් මෙලහකටත්, දේවානිට උපහාර හා උසස්වීම්... වැරදිකරුවන්ට දඬුවම්. ඒත්, මේ රටේ නිතරම කෙරෙන්නේ අනිත් පැත්ත. අනේ රටකට ගිය කලක්..
ඇය ක්‍රියා කලේ රාජ්‍ය නිලධාරියෙක් විදියට නොව ලාංකික පුරවැසියෙක් විදියටයි. ඒ සඳහා ඇයට අයිතියක් තියෙනවා. ඇයට තියෙන ශක්තිය ඔය කොන්ද පණ නැති නිලධාරින්ටත් තිබුණා නම් මේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුණා.
දැන් ඒ මනුස්සයා කොටු කරන්න ක්‍රමයක් හොයාගත්තා.
මේ ලේකම් ඉන්න ඇත්තේ ගස කපා ඉවත් කරනකම් වෙන්න ඇති...
ඔබතුමාගේ DNA එකක් බලවා ගත්තොත් හොඳ නැද්ද? මට පුළුවන් ඒ සම්බන්ධව ඔබතුමාට උදව් කරන්න.
සීමාව ඉක්මවා හෝ අසාධාරණයට විරුද්ධ වීම රටට ආදරය කරන පුරවැසියෙකුගේ වගකීමක්...
මැති ඇමැතිවරුන්ගෙන් වැඩේ වෙන්නේ නැති වුණාම තමයි ඔයවගේ පිටස්තර අය නීතිය අතට ගන්න හදන්නේ.
මේ ලේකම් මේ රජයටම හරියන බත් බැලයෙක්... ඉතින් කොහොමද රටක් හදන්නේ?
කලු සුද්දෝ රජකරන තාක්කල් ඔහොම තමයි.
ලේකම්තුමනි, රෙදි ඇඳගෙන කඩේ යන්න...
බලාගෙන සුදු වෑන් එක එවයි.
මිනිසා ජීවත් කරන්නේ පරිසරයයි. එය විනාශ වෙත්ම අප ඇතුළු සියලු සතුන් ජීවත් කරවන ජලය, පස, වාතය දූෂිත වේ. ඒ අතර පරිසර පද්ධතිය බිඳවැටී ලෙඩ රෝග ඇතුළු වර්තමාන ස්වභාවික විපත් වලින් මියැදීමට අපට සිදුවේ. මේ සරල සංසිද්ධියවත් නොදන්නා පුද්ගලයන් පරිසර අංශවල සිටීද?
ඔය ගමන්ම අමාත්‍යාංශ ලේකම් මහත්තයා ගහ මහණ කරපු ස්වාමීන් වහන්සේලාට පිං දෙයිද දන්නේ නැහැ.
වටිනා පරිසර පද්ධති විනාශ වෙනවා දැක්කම වගේම වැරදි දෙයක් වෙනවා දැක්කම ඒකට විරුද්ධ වෙන්න සීමා මායිම් ඕන නෑ.. දේවානි මහත්මිය හදවතින්ම පරිසරය රැකගන්න කටයුතු කරන නිලධාරිනියක්...
කළ යුතු හරි දේ කවුරු කළාම මොකද? කඩේ යන්නේ නැතිව...
මැතිණියනි, ඔබ ඔබගේ යුතුකම මැනවින් ඉටුකළ බව අපගේ විශ්වාසයයි. ඔබට ජය...!!
වනජීවී ලේකම් මහත්තයා මෙහිදී වනජීවියකු මෙන් කටයුතු කරන බව පෙනීයාම කණගාටුවට කරුණකි. තේවානි මහත්මිය වරදක් කර ඇතැයි අපට නම් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ.
ඔය ගහ ගලවලා දමන්න ඉඩ දුන්නා නම් කිසිම ගැටුමක් නැහැ.
නොසැලෙන්න මහත්මයාණෙනි, පරිසර හිතකාමී ජනතාව ඔබ සමග සිටී. කැලෑපාලුවන්ට නිසි දඬුවම් ස්වභාව දහම මගින් දෙනු ඇත. එය ස්වභාව දහමේ නීතියයි.
නිසි බලය තියෙන කට්ටිය ගහක වටිනාකම නොදන්නවා නම් පුරවැසියෙනක් විදිහට ඒ මනුස්සයා මැදිහත් වුණාම ලොක්කන්ට ලැජ්ජා හිතිලා වගෙයි. පොතේ ගුරුන්නාන්සේලා වැඩේ කරද්දී ගහ දරට දාලා තියෙයි. ලංකාවේ වැඩ බැරි මිනිස්සු ඉහළින්ම තියලා පුළුවන්ම කෙනා පහළින්ම තියා ආයතන ව්‍යුහ වෙනස් කිරීමට කාලය හරි.
රජයේ ඉඩමක ඇති ගස අයිති වන්නේ ඒ දෙපාර්තමේන්තුවටයි. මැය නිවැරදිය..