(ටී. එල්. ජවුෆර්කාන්)
හුදකලාව හේතුවෙන් පසුගිය දින 45කට වැඩි කාලයක් වසාදමන ලද කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(10) නව වාරය සඳහා විවෘත කර උගෙන්වීම් කටයුතු ආරම්භ කෙරිණි.
ප්‍රදේශයේ පාසල් 25ක් විවෘත කර තිබූ අතර සියලුම පන්තිවල සිසුහු සහභාගී වී සිටියහ.
සෞඛ්‍ය අංශය ලබාදුන් චක්‍රලේඛණය හා උපදෙස් අනුව සියලුම සිසුන් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර මුඛ ආවරණ පළඳා අත් සෝදා සාමාජ දුරස්ථභාවය රැකමින් පැමිණි සිටියහ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කාත්තන්කුඩි ප්‍රදේශයේ බල පැවැත්වුණු හුදකලා තත්වය ඊයේ(09) ඉවත්කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd