IMG-LOGO

යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ.

1904 වර්ෂයේ පෙබරවාරි 11 දින උපත ලැබූ ඇන්ඩ්‍රේ කන්‍යාසොයුරිය යුරොපයේ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන අතර ලොව දෙවන වයස්ගතම තැනැත්තිය ද වේ. ඇගේ මුල් නම ලුසි රැන්ඩන් වන අතර 1944 වසරේදී ඇය ඇන්ඩ්‍රේ නමින් කන්‍යා සොයුරියක බවට පත්වූවාය.

පසුගිය ජනවාරි 16 දින ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත.

ප්‍රංශයේ දකුණු දිග ටූලෝන්හි පිහිටි සිය විශාමික නිවසේ වෙසෙන ඇය කොරෝනා ආසාදිත බව දැනගත් පසු අනිත් නේවාසිකයන්ගෙන් වෙන්ව හුදකලාව සිටියාය.

"මට රෝගය සෑදී ඇති බවක් දැනුනේවත් නැහැ. මම බය වුණේ නැහැ. මොකද මම මැරෙන්න බය වුණේ නැහැ. මම ඔබ සමග ඉන්න ආසයි. නමුත් මගේ වැඩිමල් සහෝදරයා, මගේ සීයා, ආච්චි සමග එක්වීමට වඩාත් කැමතියි." යනුවෙන් ප්‍රංශ ගුවන් විදුලිය අමතමින් ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය පැවසුවාය.

ඇන්ඩ්‍රේ සොයුරියගේ දෙඇස් නොපෙනෙන අතර ඇවිදිමේ අපහසුතාවය හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරයි. වෛද්‍යවරුන් පවසන්නේ ඇන්ඩ්‍රේ මේ වනවිට කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. ඇය හෙට (11) දිනයේ සිය 117 වන උපන්දිනය සැමරීමට සූදානම්ව සිටින්නීය.

කෙසේ වුවද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනදාට වඩා කුඩා පිරිසක් සමග ඇයට උපන්දිනය සැමරීමට සිදුව තිබේ.

"ඇය ඉතා වාසනාවන්තයි." සෙන්ට් කැතරින් ලේබර් විශ්‍රාම නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසීය.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site