නේපාලයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබේ. 24 April 2020
‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි සෙඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 24 April 2020
උහන -දමන ගමන් බිමන් සීමා කරයි අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන පොලිස් බල ප්‍රදේශවල තාවකාලිකව ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ. 24 April 2020
නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 23 April 2020
වැලිසර නාවික හමුදා කඳවුරේ 30 කට කොරෝනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය. 23 April 2020
ආර්ථික පිම්මකට මාවතක් - පී. බී. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා මෙරට සමාජ ජීවිතය අකර්මන්‍යය වී ඇති බව අපි කවුරුත් පිළිගනිමු. ඒ සමඟ ජාතික ආර්ථිකය ද අඩාල වී ඇත. කෘෂිකර්මය සඳහා ගොවි ජනතාවට ඉඩ කඩ ලබාදී ඇතත්, කර්මාන්ත අංශය ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී තිබේ. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය ප්‍රධානම ආදායම් මාර්ගයකි. දශක ගණනාවක් පුරා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් මෙන්ම කුඩා නිෂ්පාදකයන්ද මෙයින් ඵල ලබාගත් බව ප්රකටය. එහෙත් ඇඟලුම් කර්මාන්තයට චීනයෙන් ගෙනෙන අමුද්‍රව්‍ය කොරෝනාව හේතුකොටගෙන ගෙන ඒම 23 April 2020
ගෙදරට බඩු ගන්න දුන් පන්දාහත් අරන් බොන්න ගිය තිරිසන්නු කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගනිමින් ඉකුත් 20 වැනිදා දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාලසීමාවකට තාවකාලිකව ඉවත් කෙරුණු අතර, ඒ අවසරයෙන් මත්පැන් හල් ද විවාත කෙරුණි. ඉකුත් 21 වැනිදා පෙරවරුවේ රජය යළිත් තීරණය කරනු ලැබූවේ එසේ විවෘත කළ මත්පැන් හල් යළිත් දැනුම් දෙන තුරු වසා දමන බවය. මත්පැන් හල් විවෘත කිරීමත් සමඟ ඇතැම් පළාත්වල ඇතැම් පුද්ගලයන්ගේ අපරීක්ෂාකාරී හැසිරීම් එම තීරණයට බලපා ඇති බව ද ප්‍රකාශ වේ. 23 April 2020
රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත. 23 April 2020
අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය අරඹයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (23) නිවේදනය කළේය. 23 April 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 21,000 පනී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය. 23 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 23 April 2020
ලොව පුරා කොරෝනා මරණ 185,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 1,85,000 ඉක්මවා ගොස් ඇත. 23 April 2020
වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි වනජීවී වෙළඳාම සම්බන්ධව පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු රජය ජී 20 රටවලින් ඉල්ලීමක් කර තිබේ. 23 April 2020
විජේපාල හෙට්ටිආරච්චි රිය අනතුරක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය අද (23)සවස බද්දේගම නයාපාමුල අධිවේගී මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී රිය අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි. 23 April 2020
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පහසුව සලසන වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, වායු පිරිසිදුකාර යන්ත්‍රයක්,ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථන මෘදුකාංගයක් අද(23) විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබීය. 23 April 2020
ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අගමැති මහින්ද තෝරාගනී ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරාගෙන ඇත. 23 April 2020
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම අත්අඩංගුවට ගන්න පරීක්ෂණ වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි හිමිනමක් ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව වාරියපොළ පොලිස් කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා පැවසීය. 23 April 2020
වාරියපොල ආසාදිත සෙබළා ඇසුරු කළ පොලිසියේ දෙදෙනකු නිරෝධායනයට වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් බණ්ඩාරකොස්වත්ත පුබ්බෝව ප්‍රදේශයෙන් අද (23) හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ බව කියන වාරියපොළ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වාරියපොළ කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. 23 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 46,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් ඇත. 23 April 2020
මිනුවන්ගොඩ පොලිසියේ 7 ක් හදිසියේ රෝහල්ගත කරයි මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. 23 April 2020
රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. 23 April 2020
දැව සංස්ථා නිලධාරියාගේ මරණයට භූමි යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට දැව තොගයක් පටවමින් සිටියදී භූමි යන්ත්‍රයක් හරහා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වූ බණ්ඩාරවෙල දැව සංස්ථාවේ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් භූම් යන්ත්‍ර ක්‍රියාකරු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්තාත් කීර්ති කුඹුරු හේන මහතා අද 23 නියම කෙළේය. 23 April 2020
පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය . 23 April 2020
මැතිවරණය පවත්වනවා නම් මනාප අංක දීමට පෙර විමසන්න මහ මැතිවරණය පවත්වන්නේ නම් මනාප අංක ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය හැකිදැයි සෞඛ්‍ය අංශවලින් විමසීමක් කරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරයි. 23 April 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් තවත් ඩොලර් මිලියන 30 ක් ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 30 පරිත්‍යාග කරන බව චීන විදේශ අමාත්‍යාංශය අද (23) නිවේදනය කළේය. 23 April 2020
‘ඇඳිරිනීතිය ඉවත් කළ දිස්ත්‍රික්ක තුළ පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක විය යුතුයි’ ඇඳිරි නිතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අදාළ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක විය යුතු බවත් දිස්ත්‍රික්කයෙන් පිට ධාවනය කිරීම තහනම් බවත් විදලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) පැවසීය. 23 April 2020
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සහල් ගබඩාවකට මුද්‍රා තබයි අලෙවි කිරීමට නීතිමය ගැටලුවක් මතුවී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් මිලදී ගත් සහල් කිලෝ 6173 ක් ගබඩාවකට අද (23) තාවකාලිකව මුද්‍රා තැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි . 23 April 2020
රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 93ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 April 2020
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පකිස්ථානු ජාතිකයින් 9 දෙනා නිරෝධායනයෙන් පසු බූස්සට දකුණු දිග මුහුදේදි හෙරෙයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි පකිස්ථාන ජාතිකයින් නම දෙනා තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය කිරිමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන ලද බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය. 23 April 2020
සිංගප්පූරුවේ අද දින පමණක් ආසාදිතයන් 1037ක් අද දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් 1,037 දෙනකු වාර්තා වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. 23 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026