මාගංතොට වෙඩි තැබුමට සම්බන්ධ අයෙක් රිමාන්ඩ් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට තැත්කළ බව කියන අයෙකු පොලොන්නරුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වෙනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(23) නියෝග කලේය. 23 April 2020
ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුහු රැගෙන එති ඉන්දියාවේ අම්රිත්සාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (23 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූහ. 23 April 2020
ඉන්දියානු ජනපති බිරිඳ මුඛ ආවරණ මැසීම අරඹයි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත. 23 April 2020
පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කිරීමට අනුමැතිය පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවීම හේතුවෙන් එය විවෘත කර සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23) ලිඛිතව දැනුම් දුන් බව මහරගම සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය. 23 April 2020
පැය 24ට 687 ක් අත්අඩංගුවට ගෙවුනු පැය 24 තුල ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 687 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 186 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 23 April 2020
පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූ බව කිවන 46 දෙනෙකු නිරෝධායනය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පනිච්චන්කර්නි නිරෝධායන මධයස්ථානය වෙත යවා තිබෙන බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. 23 April 2020
සුව විරුවන්ගේ සටන කොවිඩ්-19 වයිරසය විසින් ලෝකය එක තැන නතර කළ දා පටන් ඔබේ ජීවිතය වෙනස් වී ඇති ආකාරය මොහොතක් කල්පනා කර බලන්න.. 23 April 2020
වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 23 April 2020
මිල ප්‍රදර්ශනය නොකරන ජංගම අලෙවි රථ සොයා මෙහෙයුම් අධික ලෙස ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ජංගම රථ මගින් වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට, පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මෙහෙයුම් අරඹා ඇත. 23 April 2020
දඩයක්කරුවකුගේ වෙඩි තැබීමකින් වනජීවී නිලධාරියා මරුට ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. 23 April 2020
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් කොරෝනා වසංගතයෙන් බිද වැටුනු සංචාරක කර්මාන්තය අදියර කිහිපයකින් යළි ඉහල නැංවිමට ඉදිරි වසර පහ සදහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී. කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (23) පැවසුවාය . 23 April 2020
ලොක්ඩවුන් කර තිබියදී සාද දැමූ ලාංකිකයින් 11 දෙනෙකුට පොලිස් දඩ කොරෝනා වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස් දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. 23 April 2020
අද දිනයේ කොරෝනා රෝගීන් 20 ක් අද රාත්‍රී 11.45 ට පමණ කොරෝනා ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 22 April 2020
පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි. 22 April 2020
පානදුර ප්‍රා.සභා මන්ත්‍රීවරයකු පහර කෑමකින් තුවාල ලබා රෝහලේ රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය කියයි. 22 April 2020
පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ. 22 April 2020
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සතියේ කැඳවයි ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සතියේදී කැඳවන බව විදෙස් මාධ්‍ය අද (22) වාර්තා කළේය. 22 April 2020
මුසලි ප්‍රා. සභා සභාපති නිවෙසේම නිරෝධායනයට මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සිය පුත්තලම 4 කනුව ප්‍රදේශයේ නිවස තුළ පවුලේ පිරිස සමග නිරෝධායනයට ලක් කල බව (22) පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 22 April 2020
ඉල්ලුම – සැපයුම උඩුයටිකුරු කළ තෙල් අතිරික්තය ලෝක ආර්ථිකයේ සිදුවිය නොහැකි දේ සිදුවෙමින් තිබේ. කොවිඩ් -19 වයිරසයේ වසංගත තත්ත්වය මතුපිටින් නිශ්චල නමුත් ඉතා ගැඹුරු කුණාටු නිර්මාණය කර ඇත. 22 April 2020
යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි ගෝලීය සාමාන්‍ය අගයට වඩා යුරෝපය වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 22 April 2020
ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි ඉරි තැලීමකට ලක්ව තිබෙන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යලි ආරම්භ කල බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. 22 April 2020
කෝවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතය තාවකාලිකව නවත්වයි චීනයෙන් ගෙන්වූ කොවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 22 April 2020
කුවේටයේ ලාංකිකයින් පිරිසක් එරට තහංචි නොතකමින් උද්ඝෝෂණයක වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 22 April 2020
නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය. 22 April 2020
ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 102 ක් හෙට ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 22 April 2020
කොරෝනා වයිරසය හේතුවෙන් සාගතයක් ඇතිවීමේ අවදානමන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 22 April 2020
අප්‍රේල් වැටුප ගෙවීම පිළිබඳව යළි සාකච්ඡා කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූ කම්හල්වල සේවක සේවිකාවන්ට අපේ‍්‍රල් මස වැටුප ගෙවීම පිළිබඳව සියලූ වාණිජ මණ්ඩල සමඟ එක්ව සාකච්ඡා කොට යම් යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව කම්කරු අමාත්‍යංශය පවසයි. 22 April 2020
කොටිකාවත්තෙන් තිදෙනෙක් මුලතිව් යවති කොටිකාවත්ත මහබුත්ගමුවේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිද හා දරුවන් තිදෙනා අද (22) නිරෝධායනය සදහා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත. 22 April 2020
සහනාධාර පෝරමයේ පොහොට්ටුවේ ලාංඡන ගහලා ආණ්ඩුවේ සහනාධාර සදහා වන පෝරමය පොහොට්ටුවේ ලාංඡනය සහිත මුද්‍රාවක් තබා ලබාදීමේ සිද්ධියක් පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 22 April 2020
නාගරික ඉදිකිරීම් වල කෘෂිකාර්මික සැලසුම් නාගරික නිවාස හා ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ දී නාගරික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුළත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 22 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026