IMG-LOGO

නිදහස් උලෙළට ගිය සිවිල් ආරක්ෂක භටයන් 6කට කොරෝනා

(කුෂාන් ජයවර්ධන)

මෙවර ජාතික නිදහස් උත්සවයට එක්වීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන් 6 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිතව ඇති බවත්, මේ වනවිට එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක භටයින් 140දෙනෙකු මේ වනවිට එම කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින අතර, ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භටයින් 07 දෙනෙකු ඊයේ සවස හදිසියේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබිණ. එහිදී  කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලදී එම සිවිල් ආරක්ෂක භටයින් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පවසයි.
 
තවත් සෙබළුන් 50 දෙනෙකු පමණ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඒ මහතා පවසයි. එම පිරිසගේ පීසීආර් සාම්පල ලබා ගැනීමට මේ වනවිට ආරම්භ කර තිබේ.
 
මේ වනවිට කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන ඇති භටයන් 6දෙනා ගල්කිරියාගම, මැදවච්චිය, මහියංගනය, වව්නියාව, මහනුවර හා පදවිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
පවතින තත්ත්වය අනුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුර දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති නිසා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා දැමූ බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා කියයි.
 
ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලය, රෝහල හා පොලිස් ස්ථානය, විහාරස්ථානයක්, බස්නැවතුම්පළ වැනි පොදු ස්ථාන රැසක් ද එම කඳවුර අවට පිහිටා තිබේ. ‍කෙසේ වෙතත් පවතින දැඩි අවධානම සැලකිල්ලට ගෙන එම කඳවුර අවට සංචරණය සීමාකරන්නැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (3)

නිදහස් උලෙළට ගිය සිවිල් ආරක්ෂක භටයන් 6කට කොරෝනා

පිටිගල මිලානෝ Sunday, 07 February 2021 08:13 AM

එතකොට මේක මොන පොකුරද....?

:       0       0

Prasad Sunday, 07 February 2021 08:56 AM

අපිට අඩුවක්ව පැවැති නිදහස් පොකුරද ලබාදුන් ඔබතුමාට ජාතියේ ප්‍රණාමය...!!!

:       0       0

chandima Sunday, 07 February 2021 07:47 PM

මේකනම් රතු මල්ලිලාටයි, සජී පුතාටයි රොත්තක් අරන් පාරේ කෑමොර දීලා එතනත් කෝවිඩ් පොකුරක් හදන්න සෑහෙන්න වැදගත් ආරංචියක් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site