
(පද්මා කුමාරී කංකානම්ගේ )
නීතිවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සඟවා තිබියදී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගත් කහ තොගයක් කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා විනාශ කර තිබේ.
මෙලෙස විනාශ කරන ලද කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක් ගිනි තැබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න වේ. වත්මන් වෙළද පොළ වටිනාකම රුපියල් ලක්ෂ 96 ක් පමණ වේ.
මෙම ගිණි තැබීම පිළිබඳව අදහස් දක්වමින් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.පී.වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ නියෝග මත, මෙම කහ තොගය ගිනි තබා මුළුමනින්ම විනාශ කර උසාවියට කරුණු වාර්තා කරන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධරයිනි, මෙච්චර අමන වැඩ කරන්නේ ඇයි? ඔය ටික අපේ වෙළෙඳපළ දැම්මා නම් නරක් වෙනවා...
ඕවා නිකන් මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් ඉවරයිනේ..
මෙහෙමත් හරක් ඉන්න රටක්..
සමහරු ප්‍රශ්න කරනවා ... දැන් අවුරුදු 02ක පමණ කුඩුත්, මත්කුඩුත් එකතු වී තිබෙනවා. ඒවා ගිනි තියන්නේ නැත්තේ මන්ද?
මහා ලොකු වැඩක් කරලා ඔව්වා ඉස්පිරිතාල, හිරගෙවල් වලට දුන්නා නම් මොකද?
ඒ ඩිරෙක්ටර් හොඳයි. 69 මුල් පුරුකේ කෙනෙක් වගේ...
මෙහෙම මෝඩ බලධාරීන් ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති.
ඉන්දියාව කියන්නේ මහ භයානක හිත් තියෙන මිනිස්සු ඉන්න රටක්... , මේ කහ මිනිස්සුන්ට කන්න නොදි විනාශ කරපු එක තමයි හොඳ...
මොන බූරු වැඩක්ද මේ..? ඒත් ඕක කුඩු වුණා නම් අනෙක් පැත්තෙන් ආයෙත් මාකට් එකට එනවා.
කවුරු කළත් මේක නම් ජාතික අපරාධයක්. ඊට වඩා කළ යුතු දෙයක් නැත්ද?
අපිට බැරිද ඔය කහ තොගය පරීක්ෂා කර බලලා ප්‍රයෝජනයට ගන්න පුළුවන් නේ... කුඩු ගිනි තියන්නේ නැහැ.. කහ ගිනි තියනවා.. ඒ මොකද වෙනස..?