IMG-LOGO

ඕඩ රක්ෂිතයේ ඉඩම් අල්ලති

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කප්පල් අඩිය ධීවර ගම්මානයේ ඕඩය නැමැති අභ්‍යන්තර ජලාශයේ සහ ඊට යාබද ඕඩ රක්ෂිතයේ කඩොලාන ශාක කපාදමා කඩොලාන සංහාරයක් සිදු කොට ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති.

මෙම කඩොලාන විනාශය දැක බලා කරුණු වාර්තා කිරීමට එහි ළඟාවන විටත්,කම්කරුවෝ දෙදෙනෙක් ලහි ලහියේ කටු කම්බි වැටක් ඉදි කරමින් සිටිය හ.එම කම්කරුවන් පැවසුවේ,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සේවා නිලධාරියෙකුගේ  අණ පරිදි,දෛනික වැටුපට තමන් මෙම කම්බි ගැසීමේ නිරතව පසුවන බව ය.

මෙම සිදුවීම පිළිබදව අදහස් දැක් වූ කප්පල් අඩිය ධීවර තරුණයෙකු පැවසුවේ,උක්ත ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණයෙන් පසු ගිය දා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මෙම කඩොලාන ශාක බිඳ හෙලූ බව ය.

"ධීවරයෝ කවුරුත් කඩොලාන ගස්වලට ආදරෙයි.මොකද වාරකන් කාලයට මේ ඕඩයෙන් අපි ඉස්සෝ  අල්ලනවා.තව මාලුත් අල්ලනවා.ඉස්සෝ බිත්තර දාන්නේ කඩොලාන මුල් අතර.ඉස්සන් පැටවුන්  ලොකුවෙලා වතුරට යන කම් ආරක්ෂිතව ඉන්නේ මේ මුල් අතර."

"අපි දැක්කා මීට සති දෙකකට විතර උඩදී ඔතැන පොලිස් ජීප් එක නතර කරලා එක ලොකු මහතයෙක් ග්‍රාම නිලධාරී මහත්තයා එක්ක ලොකු කථාවක හිටියා. ධීවර තොටුපළට රස්සාවට යන ගමන් අපි ඒ දිහා විපරමින් බැලුවා.එතකොට ඒ පොලිස් මහත්තයා අපිව බැනලා එලවා ගත්තා."

බොහෝ ගම්වාසීහූ  මෙම කඩොලාන කැපීමට විරුද්ධ වුව ද එම විරෝධතාවය එළිපිට ප්‍රකාශ කිරීමට බිය බැව්, පැවසුවෝ ය.

අප මේ පිළිබදව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.එම්.මව්ශාන් මහතාගෙන් විමසුවෙමු.මේ පිළිබදව කිසිත් නොදන්නා බවත් කරුණු සොයා බලා යමක් ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා පැවසුවේ ය.

පසුව ඒ මහතා පැවසුවේ,එම ඉඩම ග්‍රාම නිලධාරීවරයාට අයත් සින්නක්කර ඉඩමක් බවත්,එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරීවරයා සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එම ගස් කපා සංවර්ධනය කිරීමට අවසර ලබා දී ඇති බවත් ය.

කල්පිටිය වැඩ බලන ප්‍රාදේශීය ලේකම්  දිල් රුක්ෂී  ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පිළිබදව විමසීමට උත්සහ ගත්ත ද ඇය දුරකතනයට පිළිතුරු නොදුන්නා ය.පසුව පුත්තලම දිසා ලේකම් චන්ද්‍ර සිරි බණ්ඩාර මහතා පැවසුවේ ඉඩමේ තත්ත්ව සොයා නොබලා කිසිවක් කිව නොහැකි බව ය.එහෙත් සින්නක්කර ඉඩමක වුව ද  කඩොලාන කපා දැමිය නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.ය.වණ ජීවී දෙපාර්තුමේන්තු නිලධාරී මේ පිළිබදව දැනුවත් කොට,එම ස්ථානයට ගොස් සොයා බැලීමට කටයුතු සලස්සන බැව්,ඒ මහතා පැවසුවේ ය.

 



අදහස් (4)

ඕඩ රක්ෂිතයේ ඉඩම් අල්ලති

මෝ Monday, 08 February 2021 04:14 AM

දැන් ගම්වල ඉන්න ග්‍රාමසේවක ඇතුලු නිලධාරින් සහ ජාවාරම් කරුවන් දන්නවා ඉඩම් ටික.., බලෙන් අල්ලා ගත්තොත් නන්දසේන ජනාධිපති අත්සන් කරලා, ඔප්පු දෙන බව. දැන් ඉතිං පරිසරයට අබ සරණයි.

:       2       14

දිමුත් Monday, 08 February 2021 06:27 AM

ඔක්සිජන් ඕනේ නැති අය ඉන්න පළාත නේද?

:       0       15

Demuni Uduwara Monday, 08 February 2021 02:26 PM

‘‘වැටත් නියරත්... ‘‘ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..

:       0       7

ana Monday, 08 February 2021 05:10 PM

එක විලක හිටියා ගෙම්බො රංචුවක්. දවසක් ඒ අය යෝජනා කළා අපිත් රජ කෙනෙක් පත් කර ගමු කියලා. විලේ තිබුණු පාවෙන ලී කොටයක් නායකයා කර ගත්තා. ටික කලකින් නායක ලී කොටය එපා උණා. සැර මදි කියලා. නායකයා සැර වෙන්න ඕන කියලා ඉවුරෙ හිටිය නයෙක් නායකයා කර ගත්තා. කතාවේ ඉතිරි ටික හිතා ගන්න පුලුවන් නේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site