කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකය පෙන්වා දෙයි. 21 April 2020
සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි රජය විසින් අද (21) දින සිට යලිත් මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙස නියෝග කර තිබියදී එම නියෝග නොතකා ඌරුබොක්ක රටබීම හලේ ඉහල මාලයේ වැඩි මිලට සීල් අරක්කු විකුනමින් සිටි සේවකයින් දෙදෙනෙකු සීල් අරක්කු බෝතල් 60 ක්ද සමග අද (21) අත් අඩංගුවට ගත් බව දෙණියාය විශේෂ පොලිස් බලකාය පවසයි. 21 April 2020
පොලිස් පරීක්ෂකට පහර දුන් මත්පැන් ජාවාරම්කරු රිමාන්ඩ් වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන කුරුණැගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) නියෝග කර තිබේ. 21 April 2020
කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක් ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 21 April 2020
පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ වසරක් සපිරුණු පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයන් 197 දෙනකු අත් අඩංගුවේ පසුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම නවත්වයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 21 April 2020
‘‘මැතිවරණයට දින නියම කළත් වැඩි අවධානය දිය යුත්තේ කොරෝනා මර්දනයටයි‘‘ මැතිවරණය කොමිසම මගින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇතත් මේ මොහොතේ ආණ්ඩුවේත්, මැතිවරණ අපේක්ෂකයින්ගේ මෙන්ම මැතිවරණ කොමිසමේත් අවධානය සම්පූර්ණයෙන් යොමු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවසීය. 21 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 21 April 2020
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිවයින පුරා සැකකරුවන් 34,500 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 14 ක් පාස්කු ප්‍රහාර මාලාවේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨායයේ පොලිස් කණ්ඩායම් 14 ක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 April 2020
ඉන්දීය ජනාධිපති සිටින වතුයායේ අයකුටත් කොරෝනා ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර ඇත. 21 April 2020
තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. 21 April 2020
පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට ලක් කර එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි. 21 April 2020
‘‘පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලුවක්‘‘ මහ මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් රටේ පවතින තත්ත්වය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලූවක් බව එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 21 April 2020
ගර්භනී මව්වරුන්ට- කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිවසටම ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 21 April 2020
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි අඩකින් අඩුවේ - ජලය පිරිසිදු වෙයි වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය 50% කින් අඩු වී ඇතැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළි වී ඇත. 21 April 2020
පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් කුමන ආකාරයේ මතවාදයක සිට පාස්කුදා ප්‍රහාරයෙන් මිනිස් ඝාතන සිදු කළද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 21 April 2020
මත්පැන් බෝතල් 60 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මත්පැන් වැඩි මිලට විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇත. 21 April 2020
රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රී රිමාන්ඩ් ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට පානදුර සාගර මාවතේ ප්‍රජා ශාලාව තුලදී රුපියල් 5000 දීමනාව ලබා දෙමින් සිටි රාජ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී වරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කලේය. 21 April 2020
කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි උණ, හා කැස්ස වැනි රෝග ලක්ෂණ සහිතව තලවකැලේ බස් නැවතුම් පොල භූමියේ සිටි යාචක රෝගී පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව බස් නැවතුම්පොල හා බස් රථ විෂබීජහරණය කිරීමට කිරීමට අද (21) පියවර ගත්බව තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා කීය. 21 April 2020
අලවතුගොඩින් මාතලේට පැමිණ වෙළෙඳසැල් විවෘත කළ දෙදෙනක් අත්අඩංගුවට ඇදිරිනිතිය ඉවත් කර නොමැති මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණ විවෘත කර තිබු මාතලේ නගරයේ වෙළදසැල් දෙකක් වසා දැමිමට මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් (21) පෙරවරුවේ කටයුතු කළහ. 21 April 2020
රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් වාර්තා වී ඇත. 21 April 2020
පන්දහසේ දීමනාව නොදුන්නැයි බගවන්තලාව තේ වත්තක ග්‍රාම නිලධාරී කාර්යාලයක් වටලයි කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන රුපියල් 5000 දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් බගවන්තලාව මෝරා තේ වත්තේ තරුණයන් පිරිසක් ග්‍රාමසේවා කාර්යයාලය වටලා එම මුදල ප්‍රතිලාභින්ට ලබා නොදිමට කටයුතු කර ඇත. 21 April 2020
ඇඳිරි නීතිය නැති වෙලාවේ වගකීම් පැහැර හරිනු එපා කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාල සීමාවක් තුළ තාවකාලිකව ඉවත් කෙරුණි. එම ප්‍රදේශවල නැවත 25-26 දෙදින පුරා ඇඳිරි නීතිය පනවා පසුදින පෙරවරු 5.00ට ඉවත් කිරීමට නියමිතය. කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම ලබන 27 වැනිදා සඳුදාට නියමිතව තිබේ. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම මෙසේ තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමේ රජයේ අරමුණ ලෙස ද ප්‍රකාශයට පත් වී 21 April 2020
ආර්ථික සැලැස්මේ දේශීය දේට විශේෂයක් කොරෝනා වයිරසය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් රූපවාහිනි නාලිකා ඔස්සේ ඊයේ (20) රාත්‍රියේ විකාශය විය. එම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විරතුංග මහතා විසිනි. ඔහු ඇසු ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ඊට දුන් පිළිතුරු මෙසේය. 21 April 2020
ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් විශේෂ ගුවන් ගමනාන්ත 4ක් ක්‍රියාත්මක කරයි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු ගෙන්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර්සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම කියා සිටී. 21 April 2020
බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. 21 April 2020
අධිවේගයේ දී කෙසෙල් ලොරිය පෙරැළෙයි කෙසෙල් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් අද අලුයම කිලෝමීටර් 9.3 හේන්ගොඩ ප්‍රදේශයේ දී පෙරලී යාමෙන් රියදුරු සහ සහායකයා සුළු තුවාල ලැබූ බව දක්ශිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 21 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 21 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026