කෝවිඩ් - 19 අර්බුදය මැදින් ඉදිරියට
සමස්ත ශ්රී ලංකාවම ආවරණය කරමින් දින 31 ක් පුරා පනවා තිබූ ඇදිරි නීතිය, අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන තිබෙන කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම සහ යාපනය දිස්ත්රික්ක හැර අනෙක් දිස්ත්රික්කවල අවසන් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර තිබිණ. ඉහත කී දිස්ත්රික්ක වලට අදාළව නව ක්රියාමාර්ග ගැනීමට නියමිත අතර ඒවායේ රාත්රී කාලයේ ඇදිරි නීතිය ක්රියාත්මක කිරීමටද ඉඩ තිබේ.